2023 නොවැම්‍බර් 02, ප.ව. 6:45
            
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.
ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.
කුමාරි මුණසිංහ පුවත්පතක සාකච්ජාවකට එක්වෙමින් සිය ස්වාමියා සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.
ටිකින් ටික සුවවෙමින් සිටි ඔහුට හදිස්සියේ මෙහෙම වෙන්න හේතුව මොකද්ද?
“ජැක්සන් අන්තරා වුණේ විසබීජයක් නිසා ඇතිවුණ නිව්මෝනියා තත්ත්වයකින්. ICU එකට සාමාන්‍යයෙන් රෝගියෙක් බලන්න යන්න දෙන්නෙ නෑනෙ පවුලෙ කීපදෙනෙක්ට ඇරෙන්න. අපි ඉතාම පිරිසිදුව ඒ ක්‍රියාපටිපාටිය කළේ. ඔය විසබීජෙ යනකල් අපි හරිම පරිස්සමෙන් ජැක්සන්ව බලාගත්තෙ. ජැක්සන්ව වෛද්‍යවරු, හෙදියො බලාගත්තෙ හරිම ආදරෙන්. දිගුකාලීනව ඇඳක ඉද්දි හැදෙන රෝගයක්වක් ජැක්සන්ට හැදුනෙ නෑ.
නමුත් ජාතික රෝහලේම ඉන්න යූටියුබ්වලට සම්බන්ධ දොස්තර කෙනෙක් අපේ අවසරයක් නැතුව බොහොම පහත් විදිහට තීරණ අරගෙන ජැක්සන්ව බලන්න යන්න එක එක්නෙකාට ඉඩ දුන්නා. ඒ දොස්තර ලැජ්ජා වෙන්න ඕනෙ මේ කරපු දේ ගැන. එයා ජැක්සන්ට වෙදකම් කරපු කෙනෙකුත් නෙවෙයි. මට රෝහලෙන්ම ආරංචි වුණා ඔය දොස්තර කට්ටියව ඇතුළට යැව්වා කියල ජැක්සන්ව බලන්න. තව කලාකරුවෙක් කියලා කියගාන්න යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක් ඒ විදිහට ජැක්සන්ව බලන්න ගිහින් දානවා වීඩියෝ එකක් “කුමාරි අක්කේ… මං ගියා ජැක්සන්ව බලන්න. නිකන් බොරු කියන්න එපා” කියල.කොහොමද එයා එහෙම ජැක්සන්ව බලන්න ගියේ ICU එක ඇතුළට?ඉතින් විසබීජ නොයා තියෙයිද? ජැක්සන්ගෙ ස්වභාවික ගමන මේක නෙවේ කියල මම හිතනවා. එයාට තව ආයුෂ තියෙනවා කියල හැමතැනින්ම කියල තියෙද්දි ඔහු නැතිවුණේ. මට දරාගන්න බැරි ඒකයි.”
මේ චෝදනා වලට සුදත්ත තිලකසිරි තම යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක් කරමින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.
“කුමාරි අක්කාට කියන්න තියෙන්නේ සමහර කාන්තාවෝ මූණ ලස්සනයි, හැඩතල හොඳයි. නමුත් සමහර අය කට ඇරියම වට්ටි අම්මලා වගේ. මා ගාව තව තියනවා ඕනි නම්. ඔබ කරපු ප්‍රකාශවලට ඒ ටු ඉසෙඩ් උත්තර දෙන්න මම ලෑස්තියි. 2015 දැයට හිතැති ෂෝ එකට ඔබත් ආවා. ඔබ ආවේ කා එක්ක ද කියලා මට කියන්න පුළුවන්. හැබැයි මම මඩ ගහන්නෙ නෑ.”
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25