2023 නොවැම්‍බර් 25, ප.ව. 12:21
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමනක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.
කොහොම වුණත් ජැක්සන් නම් මේ කලා කෙත අස්වැද්දූ මේ රංග පෞරුෂය ගැන අපට ඇති මතකයට වඩා වැඩි මතකයක් ඔවුන්ගේ හිත තුළ ඇති.
සෝමරත්න දිසානායක සරසවිය පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකදී ජැක්සන් ගැනත් සජිත ගැනත් අදහස් කිහිපයක් පළ කර තිබුණේ මෙලෙයි.
“සජිත කියන්නෙ පොඩි දරුවෙක් කියලා මම සලකන්නෙ. ඔහුට පියාගේ අභාවය, පියාගේ මෘත දේහය ඉදිරියේ තියාගෙන කතා කරනකොට, කිසියම් සංවේදීතාවයක්, අතපසුවීමක් වුණා කියලා මම හිතනවා. මම දන් නෑ ඒක මොන විදිහකට වුණාද කියන්න මම දන් නෑ… එහෙම නැත්තම් කිසියම් පිරිසක් ඔහුව නොමඟ යවන්න ඇති. ඔහු හරියට සත්‍ය තොරතුරු නොදැන ඉන්න ඇති….ඒක මම ඒ තරම් දුරට ගණන් ගන්නෙ නෑ. නමුත්… සජිතගේ ඒ කතාවෙන් පස්සෙ හුඟ දෙනෙක් වරදවා තේරුම් ගත්තා, සෝමරත්න දිසානායක කියන්නෙ බොරු කියලා.
සජිතගේ කතාවේ කියවුණානේ අප්පච්චිට භාරකාරයෙක් හිටියේ නෑනේ, ප්‍රියන්ත ද කවුද කියලා කෙනෙක් ගැන. මම දන් නෑ ප්‍රියන්ත කවුද කියන්න.. එතකොට මම එතැන ඉඳලා නෑ. මට බොරුකාරයෙක් වෙන්න බෑනේ. ඒ නිසා තමයි මම පැහැදිලි කිරීමක් කළේ…සජිතට මොකක් හරි වැරදීමක් වෙන්න ඇති. නැත්තම් හිතාමතා හෝ වරද්දන්න ඇති. මම ඒ හේතුව දන්නෙ නැහැ. නමුත් ඇත්ත මේකයි…….. මට පුළුවන් දේවල් මම කළා. වෛද්‍යවරුන් හමුවුණා. බේත් හේත් ගෙනත් දුන්නා. මම ඒ දරුවට අනුකම්පා කරනවා. මම අදටත් තරහාක් නෑ. ඒත් මට අදටත් ප්‍රහේළිකාවක් සජිතට ඇත්තටම මොකද වුණේ කියලා…”
2025 ජනවාරි 16, පෙ.ව. 12:02
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
16-01-25
16-01-25
16-01-25
16-01-25
16-01-25
16-01-25
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25