hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 10, පෙ.ව. 12:03



කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්දර කියන්නේ.පුංචි තිරයටත් වඩා සිනමා නිර්මාණ හරහා රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන අකිල මේ දවස් වල ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ.

ඒකට හේතුව සිංහ බාහු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වැඩ කටයුතු වෙනුවෙන් ඔහුගේ සම්පූර්ණම කාලය වෙන් කරන්න වෙන නිසා.ඒ වගේම අකිල ගැන කතා කරද්දි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ ඔහුගේ ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනී මහත්මයාව.

ඔහු හදිසි අනතුරක් නිසා අප අතරෙන් සමු අරගෙන මේ වෙද්දී මාස හතරකුත් ගත වෙලා.ඒ අතරතුර කාලෙදි තාත්තෝ මිහිදන් කරපු ඒ පල්ලියේ සුසාන භූමිය වෙතට ගිහින් නොයෙකුත් අවස්ථාවන්වලදී අඛිල ඒ මතකය ආවර්ජනය කරන්න අමතක.ආයෙමත් සැරයක් අකිල තාත්තව බලන්න ගිහින් ඉතින් ඒ අස්සේ ඔහු හරිම ආදරණීය සටහනක් සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරන්නත් අමතක කරලා නැහැ.අකිල ඒ ආකාරයෙන් සමාජ මාධ්‍ය ගිණුමට ආදරණීය ජැක්සන් වෙනුවෙන් එකතු කළ සටහන පහතින්,

“අදට මාස 4ක් ගත වෙලා…

වෙලාවකට මට හිතෙනවා “පවතින වර්තමානය ඇතුලේ” මං හරිම වාසනාවන්තයි කියලා

මං යන පල්ලියේම 

අප්පච්චි ඉන්නවා පල්ලි ‍‍යන වාරයක් ගානේ අප්පච්චිගෙ පිහිටයි.

ජේසු පිහිටයි දෙකම ලැබනවා වගේ දැනෙනවා

මං පුංචිකාලේ ඉදං අප්පච්චි මට කිව්වේ “කවදාහරි මං ඉන්නේ මගේ ලොකු එකා ලග”කියලා…”ඌත් එක්ක තමයි මම වයසට ගියාම ඉන්නේ” කියලා

අප්ච්චි දැන් කවදාවත් වයසට යන්නේ නෑ…ඉන්නේත් අපිත් එක්ක අපේ ලග”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: