hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 04, පෙ.ව. 12:04



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

කුමාරි මුණසිංහ එල්ල කරන චෝදනා ගැනද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කරුණු දක්වා තිබුණා.

“හොඳට හිටිය මනුස්සයා මැරුණා කියලා අවධානය ගන්න මේ කාන්තාව පුදුම විදිහට දත කනවා. මේක මිනීමැරුමක්ද? අනතුරක්ද? ඔක්කොටම කලින් ඒක හොයන්න ඔිනි නැද්ද? දැන් අර ජීප් එකට අලියෙක් දුවගෙන දුවගෙන ඇවිත් පැන්නා, දැන් කියන කතාව ඒකනේ.. වේගේ වැඩි වුනේ නෑ, බීලා හිටියේ නෑ, පවුල් ප්‍රශ්න තිබ්බේ නෑ…. අලියාව හම්බුණාද ඊට පස්සෙ… කෝ අලියා? ඒවාට මේ කාන්තාවන්ට මිනිස්සුන්ට සැක නෑනේ. තව අධ්‍යක්ෂකවරයෙක් කියනවා හොස්පිට්ල් දැම්මේ එයාලූ. තව කෙනෙක් කියනවා ප්‍රියන්ත කියලා කෙනෙක් ගෙනාවලූ.

‘මේක දෙකට කඩන්නකෝ. ජාතික රෝහලේ සිද්ධි. ඇක්සිඩන්ට් එක වුණු තැන වෙච්ච සිද්ධි. ඇක්සිඩන්ට් වෙච්ච තැන සිද්ධි සේරම දැන් අපෙන් අමතක කරවන්න හදන්නෙ. එතැන මිනීමැරුමක් වුණා වෙන්න පුළුවන්..මිනිහෙක්ට දෙන්නෙක්ට කියන්න පුළුවන්නෙ අලියෙක් දැක්කා කියලා. මම නම් කියන්නෙ මේ ගැන සීඅයිඩී පරීක්ෂණයක් සිදු කළ යුතුයි. මේ සම්පූර්ණ මරණය ගැන සොයන්න… මමත් සහය දෙන්නම්. මේ ඔක්කොම තියෙද්දි කට්ටිය ටීවීවල නටනවා, ජෝගි දානවා. තව එකක් තියනවා, මළමිනියක් හෝ වේවා එක්තැන් වූ කෙනෙක් තියන් සල්ලි හම්බ කළාද කියල ප්‍රශ්නයක් තියනවා. ඒකත් හොයන්න ඔිනි. අවුරුද්දයි මාස තුනක් හතරක්, ජීවත් කරවන්න බෑ කියලා දැන දැන දේහය විකුණගෙන කෑවද? ඒවා සම්පූර්ණයෙන්ම හොයන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: