hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:04



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

රුවන් පෙරේරා මෙරට කලාව තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙකි. 

එමෙන්ම දක්ෂකම අභිභවා ගිය ජනප්‍රියත්වයක්ද හිමි ඔහු කිහිප වතාවක්ම ඒ බව සම්මාන හරහාම ඔප්පු කොට ඇත.

පාසල් වේදිකාවෙන් ආරම්භ වූ ඔහුගේ ගමන මේ වන විට සිනමාව තෙක් විහිදී තිබෙනවා.

එකත්රා පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.

ඔබේ රංගන ජීවිතය ඇතුළේ වැඩිම බලපෑමක් ඇති කළ සිදුවීම ගැන දැනගන්න කැමැතියි.

“මම ඇත්තටම රඟපෑවට මම නළුවෙක් කියලා කොතැනකවත් කියපු කෙනෙක් නෙවෙයි. මම නළුවෙක් කියලා කියන්න පටන් ගත්තේ දෙදහස් දහසයේ ජැක්සන් ඇන්තනී සර්ගේ දස්කොන් ටෙලි නාට්‍ය වෙනුවෙන් රයිගම් සහ සුමති සම්මාන උළෙල දෙකේදීම නැඟී එන හොඳම නළුවා වෙනුවෙන් මට සම්මානයක් හිමි වෙනවා. එදා තමයි මම නළුවෙක් කියන එක පිළිගත්තේ. ඒක තමයි මගේ රංගන ජීවිතයට වැඩිම බලපෑමක් කළ හැරවුම් ලක්ෂ්‍යය. ඒ හරහා තමයි මට හාර කෝටිය හිමිවෙන්නේ. හාර කෝටිය නිසා මම ජනප්‍රිය නළුවා වුණා.”

ජැක්සන් ඇන්තනී මහත්මයාගේ වියෝව ඔබට බලපාලා තිබෙන්නේ කොයි විධියටද කියන කාරණයත් දැනගන්න කැමැතියි?

“මම තාම හිතන්නේ නැහැ ජැක්සන් සර් නැහැ කියලා. මම එහෙම හිතන්න ගියොත් ඇත්තටම මට පිස්සු වැටෙයි. ඒ නිසා සර්ව දකින, මතක් වෙන හැම මොහොතකම සර් ඉන්නවා කියන එක තමයි හිතන්නේ. ඇත්තටම සර් හොස්පිට්ල් හිටපු දවස්වල ඉඳන් මේ වන තුරු අනිවාර්යයෙන්ම මාසෙකට දෙපාරක්වත් හීනෙන් දකිනවා. ඇත්තටම ජැක්සන් සර් කියන්නේ මගේ දෙවැනි පියා. ඔහුගේ කටින්ම කියලා තිබෙනවා මටයි මගේ නෝනටයි දාව නොඉපදුණාට මාත් ඔහුගේ දරුවෙක් කියලා. ඔහුගේ අහිමි වීම, ඒ පාඩුව, ඒ දුක කියන්න වචන නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: