hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:33



අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී දින 458ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව ඔහුගේ පුත් සජිත අනුත්තර පැවසුවා.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමංගල සභාවේ ස්තූති කතාව කරමින් හෙතෙම මේ බව කියා සිටියා.

සිය පියාට අවසන් හුස්ම හෙළන තුරු කෘත්‍රීම ශ්වසනය ලබා දීම සඳහා අති නවීන යන්ත්‍රයක් සිය පවුලේ ඥාතීන් විසින් මිලට ගෙන රෝහලට පරිත්‍යාග කළ බව ද ඔහු සඳහන් කළා.

කොළඹ ජාතික රෝහලේ එවැනි යන්ත්‍ර ඇත්තේ දෙකක් පමණක් බවත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ ලබා දෙමින් සිය පියාට අපහාස කළේ මෙවැනි පසුබිමක බවත් සජිත අනුත්තර ප්‍රකාශ කරයි.

එම යන්ත්‍රය මේ වන විටත් තවත් රෝගියෙකුට සවි කොට හුස්ම ලබා දෙමින් ඇති බවත් තවත් වසර 20ක් පමණ බොහෝ රෝගීන්ට එමගින් ජීවත් වීමේ අවස්ථාව ලබා දෙනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

සජිත ඇන්තනී විසින් සිදු කරන ද ප්‍රකාශය පිළිබඳව ලක්මාල් ගමගේ නැමැත්තෙක්ගෙ කමෙන්ට් එකක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන්න පටන් ගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: