hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2024 ජූනි 20, ප.ව. 2:14



කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ කළුතර, කටුකුරුන්දේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළේ යම් අත්භූත වස්තුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නිලධාරීන් පිරිසක් ඒ වෙත පිටත්කර ඇති බවද සඳහන්.

ඒ අවට රොක්වී සිටි පිරිස් කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් ඉවත්කර එම අත්භූත වස්තුව සුරක්ෂිතව පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගිය බව සඳහන්.

පොලීසිය පැවසූවේ එම වස්තුව කුමක්ද යන්න මේ වනවිට නිෂ්චිතව හඳුනාගෙන නොමැති බවයි.

කෙසේවෙතත්, සිද්ධිය දුටුවන් සඳහන් කළේ ඉන් යම් ආලෝකයක් නිකුත් කරමින් තිබූ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: