hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 ජනවාරි 16, ප.ව. 4:37



යාපනය වැල්වැටිතුරෙයි උදයසූරියන් මුහුදු වෙරල තීරයේදී අලංකාර සරුංගල් සැණකෙලියක් මෙවරද තයිපොන්ංගල් දිනය නිමිත්තෙන් ඊයේ (15) සවස සංවිධානය කොට තිබුණා.

වැල්වැටිතුරෙයි විග්නේස්වරා කමිටුව සහ වැලවැටිතුරෙයි උදයසූරියන් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙලෙිය සෑම වර්ෂයකම තයිපොන්ගල් දිනට සමගාමීව පැවත්වීමද විශේෂත්වයක්.

උදයසූරියන් වෙරලතීරයේ පැවති සරුංගල් සැණකෙලියේදී දෙමළ හින්දු ජනතාවගේ සංසකෘතින් විදහා දැක්වෙන අලංකාර වූ සරුංගල් නිර්මාණ මෙන්ම ජනතාවට බලපා ඇති ගැටලු ආදියද විදහා දැක්වෙන සරුංගල් නිර්මාණ ඉදිරිපත්කොට තිබුණා.

සරුංගල් සැණකෙලිය වෙනුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් නැරඹීම සඳහා පැමිණ තිබූ අතර සැණකෙලිය සංවිධායකයින් විසින් සරුංගල් උඩුගුවනට යැවීමේදී පැවත්වූ තරඟයේ පළමු දෙවන සහ තෙවන ජයග්‍රාහකයින්ට රත්තරනින් තෑගි ප්‍රධානය කිරීමද විශේෂත්වයක් වුණා.