hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:07



මැදපෙරදිග රටවල ගෘහ සේවය සඳහා යන ඇතැම් කාන්තාවන්ට ආරක්ෂිතව ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන ආකාරය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානය ඇතුළු මැදපෙරදිග රටවල්වලදී ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් විසින් එම පුහුණුවීම් ලබා දී ඇතැයි ද හෙළි වී තිබෙනවා.

මැදපෙරදිග රටවල හාම්පුතුන් සමග ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ කෙසේද? ඔවුන්ගේ ශරීර නිවැරැදිව සම්භාහනය කරන්නේ කෙසේද? එම හාම්පුතුන් ලිංගිකව සතුටු කරන්නේ කෙසේද? යන්න පිළිබඳව මෙහි දී පුහුණුව ලබා දී තිබෙනවා.

සවුදි අරාබිය, කටාර් රාජ්‍යය, කුවේට්, ඕමානය, බහරේන්, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය යන මැද පෙරදිග රටවල භාවිතා කරන ලිංගික උත්තේජන පෙති, උපත් පාලන කොපු සම්බන්ධයෙන් ද අදාළ පුහුණුව තුළදී දැනුවත් කර ඇතැයි ද මේ පිළිබඳව හෙළි කළ විමර්ශන නිලධාරියකු සඳහන් කළා.

‘‘ලිංගික වශයෙන් සතුටු කරන්න පුළුවන් කාන්තාවන්ට මැදපෙරදිග රටවල කෝටිපති හාම්පුතුන්ගේ දැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒ බව දන්නා මිනිස් ජාවාරම්කරුවන් සහ මෙරට බලපත්‍ර නොමැති විදේශ රැකියා සපයන තැරැව්කරුවන්, ඉලක්ක ගත සුරූපි කාන්තාවන්ට එම ලිංගික පුහුණුවීම් ලබා දෙනවා. එම කාන්තාවන් හාම්පුතුන්ට විකුණා මිලියන ගණනින් ඔවුන් මුදල් හොයනවා ’’ යැයි විමර්ශන නිලධාරියකු සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: