hit counter

2024 සැප්‍තැම්‍බර් මස 27 වන සිකුරාදා

2024 ජූනි 18, පෙ.ව. 9:07



හිටිහැටියේම වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලැබෙන්නේ අමුතුම විදියේ ඔත්තුවකි.

ඒ මෙරට සුප්‍රසිද්ධ නිළියක් විසින් ජයටම කරගෙන යන අමුතුම විදිහේ බිස්නස් එකක් ගැනය.

“සර්… මේ කියන නිළිය වැඩේ ජයටම කරගෙන යනවා. එයා ළඟ ලස්සන ගෑණු ළමයි හතර පස් දෙනෙක්ම වැඩ.. ඒ අය කියන තැනකට එනවා.. සුපිරි වාහනවලින් තමයි එන්නේ.. කෝල් කරලා කොහෙට හරි ගෙන්න ගත්තොත් වැඩේ මාට්ටු කරගන්න බැරි වෙන එකක් නෑ..” ඔත්තුකරු පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට කියන්නේ ලෙසය.

මේ කියන අමුතුම විදියේ බිස්නස් එක ගැන වහා විමර්ශනයක් පැවැත්වීමට පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ කටයුතු කරන්නේ මෙතැන් සිටය. ඔහු මේ පිළිබඳව මුලින්ම දැනුවත් කරන්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට මහතාටය. එහිදී අදාළ වැටලීම පිළිබඳ පොලිස් අධිකාරී වැලිවිට මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සමග සාකච්ඡා කොට මේ කියන මහා පරිමාණ ගණිකා ජාවාරම මෙහෙයවන නිළිය ඇතුළු අනෙකුත් සුරූපිනියන් කොටුකර ගැනීමට සැලසුම් කළේය.

එහිදී අදාළ වැටලීමට උපාය දූතයකු මාර්ගයෙන් මෙම නිළිය ඇතුළු ගණිකා ජාවාරම කොටු කර ගැනීමට භාර දෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරාටය.

“මැඩම්… අපට හොඳ සර්විස් එකක් ඕනා.. පොලිස් උපාය දූතයා සිය ගනුදෙනුවට මුල පිරුවේ එලෙසය.

“කවුද මේ කතා කරන්නේ….මොකක්ද වෙන්න ඕනා…. ලැබුණු ඇමතුමෙන් තමන්ට ලැබුණු තවත් අලුත් වැඩක් යැයි සිතූ ප්‍රධාන පෙළේ නිළිය අලුත් ගනුදෙනුකරුට කතා කරන්ට වූවාය.

“මම අර අහවල් කෙනා… අර කම්පැනි එකේ අයිතිකාරයා…. ඔයා දන්නවා ඇතිනේ… මේ දවස්වල අපේ බිස්නසුත් සරුයිනේ… ඉතින් අපට හිතුනා පොඩ්ඩක් අත දිග ඇරලා පොඩි fun එකක් ගන්න…කොහොමද දන්නෑ ඔයාලගේ ප්‍රයිස් එක….”

“සර්…අපි ළඟ ගොඩක් ඉන්නේ ලස්සන ගර්ල්ස්ලා.. එයාලා ගොඩක් ඩ්‍රාමාවල acting කරන අය.. තව මොඩර්ස්ලත් ඉන්නවා. ඒකයි පොඩ්ඩක් අපේ ගාණ සැර. රුපියල් තිස් දාහේ ඉඳන් පනස් දාහ වෙනකම් අපි ළඟ ඉන්නවා. ඔයාලට කීදෙනෙක් වගේ ඕනද?”

“සල්ලි නම් නෝ පොබ්ලම්….සල්ලි නෙවෙයිනේ ෆන් එකනේ අපට ඕනේ.. පොලිස් උපාය දූතයා එසේ කතා කරන්නට වූයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ වෙස් ගනිමිණි.

“ඕකේ සර්.. අපි කොතනටද එන්න ඕනේ. අපට තැනක් කියන්න.”

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායත් ක්‍රියාත්මක වන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය. මේ කියන වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකා ඒකකයේ සිටිනා නිලධාරීන්ද දිවයිනේ මහා පරිමාණ ගණිකා ජාවාරම් ඇතුළු අනෙකුත් නීති විරෝධී ජාවාරම් වැටලූ දක්ෂ නිලධාරීන්ය. සිය රාජකාරී ජීවිතයේදී ලද බොහෝ අත්දැකීම්ද උපයෝගි කරගනිමින් ඔවුන් මෙම ගණිකා ජාවාරම මෙහෙයවූවේය.

කෙසේ හෝ පොලිස් උපාය ධූතයාගේ බසට අසුවූ මෙම ගණිකා ජාවාරම මෙහෙයවන නිළියට කියන ඕනෑම ගාණකට පොරොන්දු වූ හෙයින් සිය ගනුදෙනුවට එකහෙළාම ඇය කැමැත්ත පළ කළාය.

“ඔයාලට එන්න පුළුවන්ද කෝරලඉම පැත්තෙ තියෙන apartment එක ගාවට. එතන අපේ තැනක්.”

“ඕකේ සර්.. අපි එන්නම් ඔය කියන තැනට…..”වැඩි වේලාවක් ගත වූයේ නැත. සුපිරි පන්නයේ වාහනයක් කෝරලයිම දෙමටහත්ත ප්‍රදේශයේ apartment එක අසල නතර කරන්නට විය.

පොලිසිය සැලසුම් කළ ආකාරයටම සියලු දේ සිද්ධ විය. එසැනින් වහා ක්‍රියාත්මක වූ වෙස්වලාගෙන සැඟව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම මෙම ජාවාරම මෙහෙයවනු ලබන නිළිය ඇතුළු තවත් සුරූපී කාන්තාවන් හතර දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ජාවාරම මෙහෙයවන නිළිය කැමරාව ඉදිරියේ තම නිරුවත පෙන්නමින් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ගණනාවක රඟපා ඇති දැනට මැදිවියේ පසුවන නිළියකි. අනෙකුත් කාන්තාවන් හතර දෙනා අම්පාර, බියගම, බොරලැස්ගමුව සහ මාතර යන පොලිස් වසම්වල පදිංචිකාරිනියෝය. මෙම සුරූපිනියන් අවුරුදු විසිපහ සහ අවුරුදු 45 යන වයස්වල පසුවන්නන්.

මෙම ගණිකා ජාවාරම මෙහෙයවන බව කියන නිළිය හැර අනෙකුත් හතර දෙනාම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික ආයතනවල ඉහළම තනතුරු හොබවන තැනැත්තියන්ය. අත්අඩංගුවට පත් කාන්තාවන් පස්දෙනා ළඟ තිබී උපත් පාලන කොපු රැසක් ද පොලිස් භාරයට ගැනිණි.

අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ටෙලිනාට්‍යවල රඟපානු ලබන සුරූපී නිළියන් හා තවත් සුරූපී කතුන් යොදාගෙන සිදුකරන ජංගම ගණිකා ජාවාරම ද සිදුකර ඇත්තේ විශාල මිල ගණන් වලටය. ඇතැම් ධනපතින් හා ඔවුන්ගේ පුත්‍රයන්ට ද ලිංගික අවස්ථා සපුරා ගැනීම සඳහා වට්ස්ඇප් ඔස්සේ මෙම ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බවටද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම කොළඹ තරු පන්තියේ හෝටල්වලට හා සුපිරි නිවාස සංකීර්ණවලට සහ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවලට අදාළ නිළියගෙන් ධන කුවේරයන් සහ සමාජයේ ඉහළ තැන්වල ඉල්ලීම් කළ විට එම ස්ථානවලට ඉහළ මිල ගණන් යටතේ කාන්තාවන් රැගෙන ගොස් දෙන බවටද පොලිසියට තොරතුරු හෙළි වී ඇත. පොලිසිය පවසන පරිදි ධන කුවේරයන් කිහිප දෙනකු එක්වී තරු පන්තියේ හෝටල් තුළ මෙම සුරූපී නිළියන් ගෙන්වාගෙන මත්පැන් බී නිරුවතින් ඔවුන් සමග නටමින් විනෝද වීද ඇත.

අත්අඩංගුවට පත් වූ සුරූපී කාන්තාවන් මෙරට නිෂ්පාදිත මත්පැන් පානය නොකර ඇති අතර ඔවුන් විසින් පානය කර ඇත්තේ විදේශීය නිෂ්පාදිත ඉහළ මිලක් ගන්නා ස්තරම්ම වර්ගයේ මත්පැන්ය. තවද අයිස් වැනි මත්ද්‍රව්‍යය ද මෙම කාන්තාවන් භාවිත කොට ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන නිළිය ඇතුළු අනෙකුත් සුරූපිනියන් ගණිකා වෘත්තියේ යෙදී මුදල් උපයා ඇත්දැයි යන්න පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත. අදාළ කාන්තාවන් පස්දෙනා සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට ද කටයුතු යොදා ඇත.

මෙම වැටලීමේදී අදාළ කතුන් පොලිසියට පවසා ඇත්තේ තමන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට රැකියා කර ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බැවින් මුදල් යහමින් සෙවීමට මෙම ජාවාරමට සම්බන්ධ වූ බවය. තවද එම සැකකාරියන් සම පැහැපත් කර ගැනීම සඳහා රුපියල් දහස් ගණනින් වියදම් කොට විවිධ එන්නත් වර්ගද ලබා ගන්නා බවට ද තොරතුරු ලැබී ඇත. සැකපිට අත්අඩංගුවට ගත් සුරූපී නිළිය ඇතුළු කාන්තාවන් පස්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මොරගහහේන පොලිසිය වෙත යොමු කර ඇත.

(උපුටා ගැනීමකි)

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: