hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 27, පෙ.ව. 1:28



බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතිවූ ආරවුලක් අතරතුරදී රත්වූ ඉස්තිරික්කයකින් බිරිඳගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිලිස්සීම සම්බන්ධයෙන් පුද්ගලයකු සැකපිට ඊයේ (26) අත්අඩංගුවට ගත් බව හාලිඇළ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇළ, රොසට් වත්ත, 03 වැනි කොටසේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකි. එලෙස පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ සැකකරුගේ බිරිඳ වන 28 හැවිරිදි තිදරු මවක්.

එම කාන්තාව රෙදි මදිමින් සිටියදී සැමියා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු ඇය අත තිබූ ඉස්තිරික්කය උදුරාගෙන සැමියා තමාගේ මුහුණ, ගෙල හා පිට ප්‍රදේශය පිලිස්සූ බව ඇය පවසා තිබෙනවා.

මෙම යුවළ අතර නිතරම ආරවුල් ඇතිවන බවත් ඉන්පසු බොහෝවිට කාන්තාව පහරකෑමට ලක්වන බවත් විමර්ශනවලදී හෙළිව ඇත.

තවද, මීට පෙර සිදුවූ පිලිස්සුම් තුවාල කිහිපයක කැළල් ද ඇගේ සිරුරේ තිබී ඇත.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: