hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 22, පෙ.ව. 12:03



ඇය නමින් ලක්මිණි බෝගමුව.

කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යක්.

1997 වර්ෂයේ උපන් ලක්මිණි ගිය වසරේ පැවති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදි සම්මාන දෙකක් සහ ශිෂ්‍යත්වයක් ලබාගෙන තිබුණේ ඉහළම ලකුණු ලබා ගනිමින්.

පසුව ඇය ඇගේ සුවිශේෂි දක්ෂතා නිසාම එම විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරියක් ලෙස තේරි පත් වනවා.

ලක්මිණි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වනවා.

රූපයෙන් වගේම උගත්කමින් ඉහල ලක්මිණිට පසුගිය දිනක අවාසනාවන්ත ඉරණමක් අත් වුණේ ඇයවත් කිඓදු කෙනෙකු නොස්තූ ආකාරයෙන්.

මෙම සිදුවීම අපි ඔබට මින් පෙර වාර්තා කලා. මාර්ගය මාරු වීමට උත්සාහ කිරීමේදි ඇය ලොරි රථයක වැදී රෝහල් ගත කර තිබුණා.

ඇයවත් නොසිතූ ලෙස ඉතාම අවාසනාවන්ත ලෙස ඇයගේ මොළයට සිදුවූ අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතුළු අනතුරු හේතුවෙන් ඇය මීට දිනකට පෙර සදටහම මෙලොවින් සමුගෙන තිබුණා.

ලක්මිණි පසුගිය දිනෙක රැකියාවට යාම සඳහා වික්‍රමසිංහපුර දෙසට සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරු වීමට යාමේ දී බත්තරමුල්ල – පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දීම ආසන්නයේ ම පිහිටි පෞද්ගලික රෝහලකට ඈ ඇතුළත් කර අනතුරුව කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා තිබුණා.

එසේ වුවත් ඇය නොසිතූ ලෙස ජීවිතයට සමු ඇති බවටයි තොරතුරු වාර්තා වූයේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනතුර සිදු කෙරූ ලොරි රථ රියදුරු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

‘ලස්සන අනාගතයකට සිහින මැව්ව,රූමත්, කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරිය, ලක්මිණී බෝගමුව දියණියට මරුකැදවූ හදිසිඅනතුර; පාර ඉතාමපැහැදිලි , වෙනත් වාහන නැති වෙලාවක තමා ඉදිරියෙන් අයෙක් පාර මාරු වෙද්දී , මේ රියදුරුට වාහනය නවත්වා ගැනීමට ඇති බාධකය කුමක්ද? ඒ ලමයා phone එකෙන් කතා කර කර නෙමෙයි යන්නේ. අන්තිම ටිකේ අනතුරින් බේරෙන්න පාරේ මැද පේමන්ට් එකට දෙසට දුවනවා. වෙන කිසිම වාහනයක් ලග නෑ .Driver ට වාහනය slow කරන්න, brake කරන්න, අනිත් පැත්තට කපන්න හොදටම ඉඩ තිබුනා.ඒ වෙනුවට රථය තව තවත් ඇය සිටින පැත්තට ගමන් කලා!License වත් නැති driver කෙනෙක්.මිනිහාට නින්ද ගිහින් හෝ, බීමතින් හෝ වාහනය හසුරුවන්න පුරුදු නැතුව වෙච්ච දෙයක්.ඇයටත් මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා,ඒ අතපසුවීම මුලු ජීවිතයම අහිමි කලා.ලක්මිණී මුලු ජීවිත කාලයපුරාම අමාරුවෙන් ගොඩනගාගත්ත සියල්ල,එක නොහික්මුණු , නුපුහුණු රියදුරෙක් නිසා මොහොතින් සුනු විසුනු උනා. ආදරණීය මාපියයුවලකට ඇහැක් වගේ බලාගත්තු තමන්ගේ එකමදරුවා අහිමි උනා! මෙවන් අකල් මරණයක් කිසිදා සිදුනොවේවා,දුව නුඹට නිවන් සුව!! ‘

‘ලංකාවේ වාහන වල විනය මාර්ග නීති වේග පාලන ඇතුළු සියලුම දේ පට්ටම කුජීතයි. ඒ ගැන නම් මම කවදාවත් ධනාත්මකව කතා කරන්නෙ නෑ. හැබැයි මේන් සිද්ධියේ දි මටනම් හිතෙන්නෙ දෙගොල්ලොම වැරදියි කියලයි.1. මෙතන පාර මාරුවෙන සලකුණු කරල තියන තැනක් ද? 2. එහෙම සලකුණු කරල නැත්නම් ආරක්ෂිතව පාර මාරු වීමට සුදුසු රථවාහන අවම වේග සීමාව පාලනය වෙන මාර්ගයක් ද? 3. වාහනයක් එන බව දැන දැනත් වාහනය දෙසටම ගමන් කරන්නෙ පාර මාරු වීමේදී අවධානයෙන් නොසිටීම නිසා ද? ෆෝන් එක බල බල ද පාර මාරු වෙන්නෙ? ඇයි ආපස්සට දුවන්නෙ නැතුව වාහනය දෙසටම දුවන්නෙ? වාහනයක් ලග බව වැටහෙනකොට පරක්කු වැඩි බවක් තමා රූපරාමු වලින් පේන්නෙ. මොනා වුනත් රියදුරත් අවධානයෙන් නෙමෙයි එන්නෙ. අනතුරක් වලක්වා ගැනීමට හැකියාව තියෙද්දිත් එසේ නොකිරීමත් වරදක්’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: