hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 01, ප.ව. 12:34



ලෝචනා ඉමාෂි කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන කටකාර, දඟකාර සුන්දර රංගන ශිල්පිනියක් කියලා කිවුවොත් හරියටම හරි.

ඉතින් ඒ වගේම ඇය මේ වන විට පුංචි පුතෙකුගේ ආදරණීය සෙනෙහෙබර මවක්ද වනවා.

කොරෝනා කාලේ අසීරුවෙන් ඉන්න හුඟාක් අයට කිසිම ප්‍රසිද්ධියක් නැතුවම ලෝචනා උදව් කළා.

ඒ අතරේ දරුවන් වෙනුවෙන් උදව් කරන්න ඇය Child Care By Lochana නමින් පදනමක්ද පිහිටුවලා තියෙනවා.

සමාජ සේවා කටයුතුවලත් නිරත  වෙන මේ සුන්දර ආදර්ශමත් රංගන ශිල්පිනිය පසුගිය දවසක නොසිතූ විරූ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා.

ඒ හිටි හැටියේම ඇය අසනීප වීම නිසයි.

ඉතින් ඒ අසනීප වෙලා රෝහල්ගත කෙරුණා කියන ආරංචිය මුහුණු පොත හරහා ලෝචනා ප්‍රේක්ෂකයන් එක්ක බෙදා හදා ගත්තා.

එහිදී ඇය සඳහන් කරලා තිබුණේ මේ ලෝකෙ සියලුම සැපතට වඩා නිරෝගී සැපත උතුම් කියන ආකාරයේ අදහසක්.