hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 28, පෙ.ව. 12:01



මාධවී ඇන්තනී කියන මේ චරිතය  වර්තමානය වන විට සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා.

ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇයට රහට ගායනා කරන්න පුළුවන්.

ඒ සියලු හැකියාවන් එක්ක ඇය කලාව තුළ අද වෙද්දි ලස්සන ගමන් මගකට අවතීර්ණ වෙලා.

ඕනෑම කෙනෙක් දන්නවා මාධවී කියන්නේ විවාහ ජීවිත නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්.

හැබැයි අද වෙද්දි ඇය ජීවිතයට හොඳම තේරීමක් තෝරගෙන.

ඔහු තමයි දක්ෂ ගී පද රචකයෙක් විදිහට වැඩ කටයුතු කරන කසුන් මහේන්ද්‍ර හීනටිගල.

ඉතින් මේ දෙන්නම අද වෙද්දි තමන්ගෙම කියලා ව්‍යාපාරයකුත් එක්ක කලා කටයුතු රැසක නිරත වෙනවා.

මේ දෙන්නා එකතු වෙන කාල සීමාවේදී බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට විරුද්ධව විවිධ දේවල් සමාජගත කළා.

කොහොම නමුත් ඔවුන් දෙදෙනා ජිවිතේ තවත් වැදගත් අඩියක් තබා තිබෙනවා.

ඒ ඔවුන්ගේ විවාහය.

දෙන්නගෙ ආදරේ ගැන, විවාහය ගැන එල්ල වන විවේචන අතරේ ඔවුන් වෙනුවෙන් ලියවුණු ආදරණීය සටහන් සෑහෙන ප්‍රමාණයක් තවමත් හුවමාරු වෙනවා.

ඒවා තමන්ගේ මුහුණු පොත ඔස්සේ ද හුවමාරු කරගැනීමට කසුන් – මාධවී දෙන්නා කටයුතු කළ අවස්ථාත් දකින්න ලැබුණා.

මේ සටහනත් එවන් එකක්.

මාධවී …

මාධවී තුන්වෙනි කසාදයත් කරන්. ඒකි හරි සෙක්සි එකී. ගොඩක් උන්ට දැක්කම මහ ඉරිසියාකාර පෙනුමක් ඒකි ගාව තියනවා. ඒ ඇස් කතා කරනකොට තුන හතරක් නෙවේ ඒකි පනහක් කලත් මහ ලෝබ කමට ඒකිව බදින්න බලන් ඉන්න උන් නැතුවම නෙවේ. ඉතින් ඒකි වැරදිද?

උජාරුවට තුන් වෙනි කසාදෙ මහ ඉහලින් ගන්නකොට සමහරක් බොන්ඩියන්ගෙ ඇහේ කටු ඇනෙනවා වගේ, සිද්ධ පත්තිනි වගේ ඉන්න ගොඩක් බොන්ඩියන්ගෙ රෙද්දේ තුත්තිරි තියනවා. එහෙම තුත්තිරි පටල්වගත්තු සමහරක් පත්තිනිලා ඒකිගෙ සායම යවන්න ට්‍රයි කලේ ඒ ඇයි කියලද හිතෙන්නේ. සතා කියලා ගෑණුන්ට කතා හදන උන් ” බෝසත්ද “

ඒකි නතර උනේ ඒකිට නතර වෙන්න ඕනෙ තැන. ඉතිහාස කතාවෙ මාධවී කෝවලන්ගෙ ලෙයට දරුදෙක් හැදුවට කෝවලන් නතර උනේ කන්නගී ගාව. උබලා කෝවලන්ට කතා හැදුවද?

මේ මාධවීගේ පපුව කිරට හරවන්න පිරිමින්ට හයිය නොතිබුනාට කසුන් පින් කරයි මාධවීගේ කුසට දරුවෙක් දෙන්න. සමාජෙට බම්බු ගහ ගන්න කියලා පිරිමි දාල ගියාට, ගෑනු ගියාම හැමෝම කතා වෙන්නේ ඒ ගෑනිගෙ පතිවත ගැන. ඇයි පිරිමින්ට දාල යන්න හොඳනම් ගෑනුන්ට දැනෙන තැනක නවතින්න බැරිද?

කාලි ආදරේ කලා තමා ශිවට , ඒත් ශිව බැන්දේ පාර්වතීව.

ක්‍රිෂ්ණා රාධාට පොල්ල තියලා, අයිති කර ගත්තා නේද ලක්ෂ්මිව.

බජිරාව කාෂිව බිරිඳ කර ගත්තාම හැමෝම කිව්වා හොර ගෑනි කියලා මස්තානිට.

පාරො දේව් වෙනුවෙන් ඉපදුනා කිව්වට , අන්තිමට දේව් නැවතුනේ චන්ද්‍රමුඛී ගාව.

” ඉතින් මාධවීට බැරිද ආයෙ බඳින්න “

සමාජෙට ඕන විදියට කසාද කර ගත්තු ගෑනු ගෙවල් වල හූල්ලනකොට ඒ සමාජෙටම බම්බු ගහ ගන්න කියලා තමන්ගේ ආදරේ විදින ගෑනියෙක් ඒකි. ඒකයි මං ඒකිට කැමති.

කසුන් + මාධවී දෙන්නට සුභ මංගලම් !





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: