hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 28, ප.ව. 5:56



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

මදුමාධව අරවින්ද සහ ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පියානන්වන සුනිල් සිරිවර්ධනයන්ගේ අභාවය ගැන ශෝකී පුවත අපි ඔබව දැනුවත් කලානේ.

ඔහුගේ අවසන් ඉල්ලීම මත ඔහුගේ දේහය අවසන් ගෞරව වෙනුවෙන් පැය 6ක කාලයක් තබා තිබූ බව මදුමාධව සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබුනා.

මේ ඔහු තබා තිබූ සටහන.

අපිට සමාවෙන්න..

අපි ඔහුගේ අවසන් කැමැත්ත ඔහු පැතූලෙසම..

නිහඩව ඉටු කලා….

සුනිල් සිරිවර්දන…

මගේ අපේ පන නිහඩව අහසට යන්නම ගියා..

ඔහු පැතූ ලෙසම පැය හයක් ඇතුලත…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: