hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 10, ප.ව. 1:00



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

මධුමාධව අරවින්ද ගැන දන්නා නිසාම ඔහුගේ මේ කතා විහිළුවක් ස්වරූපයෙන්ම ගන්න, ඔහු වටා රොක්ව ඉන්න පිරිස දැන් හුරුවෙලා.

ඔවුන් නිරායාසයෙන්ම මේ ආදර කතාවට හදවතින්ම ආශිර්වාදයත් එක්කාසු කරනවා.

මේ ලියමනටත් එහෙම එක්කාසු කළ ආදරණීය ප්‍රතිචාර රැසක් දකින්න ලැබුණා.

කියවලා බලන්නකො, මේ ඔහු ඇයට ලියූ සරාගික ආදරණීය ලියමනක්…..

”ඉබල මරන් කන්න

බලන් ඉන්නෙ දකිනකල්….

නුබල දන් නෑ නෙ ඉතිං

මගෙ සීතා හරිම වල්…

රාමාව අවුස්සන්න ඕනේ මියැනතුරු සීතාවක්

ආදරේ විතරක් නම් නුබ මැරුනු ගාථාවක්

සුදු අම්මි,

චූටි මැනික,

මගෙ පන ,

කියල කිව්ව සමහර පිරිමින්ගෙ

හීන වල රෙදි ඉස්සුවෙ…

වෙන ගෑනූ…..

ඒකට පිරිමි උනුත් වැරදි…තමා

ඒත්……

හැබැයි තමන්ව අත හැරල වෙනස් උන

ආදරනීය ගැහැනිය .. නුබත් වැරදියි…

ලමයි ලැබුනම අම්මට ඇදල

පංසලේදි..

පල්ලියෙදි.. ආගමට ඇදල..

ගාතාවක්ට ඔරසමකට ඇදල…

කෑම ටිකක් දැක්කම බඩ ජහරි සුරංගනාවියන්ට ඇදල…

පවුලේ යුතුකම් වලට විතරක් ඇදල…

කොටින්ම තමන්ව අත හැරල..

අම්මට, නෝනට, ගෑනිට ඇන්ද බොහෝ ගැහැනුන්…. වරද්ද ගත්තේ…

දෙන්නටම …..

නැත්තම් ඉස්සර තිබ්බ ලස්සන අතීතයට වැරැද්දුවා…. දැන හෝ නොදැන..

හොද උනාට ලෝකෙට…

ඇත්ත ජීවිතේ සීතාත් …

එලකිරි බඩුවක් උනා රාමා ඉස්සරහ විතරක්..

අද රාමල ගෙදර එකීව හීනෙන් නොදකින්නේ..

පරන වල් වනචර ආදරනීය සීතා, අද අලුත් සීතෙක්ට ඇදල , ඇදගෙන,

එක්කො සමාජෙ ඉස්සරහ වෙන රැජිනකට අන්දල, එක එක වෙන වෙන අහිංසක වැඩ වල.

කොටින්ම මිනිස්සුන්ගෙ හීන වලට වෙන වෙන ගෑනු රූප ගෙනෙන්න පාලම් හැදුවෙත්…

සමහර විට ආදරනීය ගැහැනියමයි…

හැම සීතටම අමතක වෙනවා..

යාලු උනමුල් කාලේ රෙද්ද උස්සපු වාර ගානේ

රාමා හීනෙනුත් දැක්කෙ සීතව කියල…

ඇදන් ඉන්න යට ඇදුම ගන්නකොටත් රාම මේක දකියි කියල හිතපු සීතල පස්සෙ කාලෙක ඒවා අමතකකරා..

රාම ට තියා ඇතැම් සීතලටත් මතකනෑ ඇන්දෙ පැලැන්දෙ මොකක්ද කියලා..

ඔවුන් වෙනස් උනා..

බන පද උනා… අම්මල උනා.. ඔරසම් උනා..

එක්කො රාම වෙන වෙන සීතලගෙ හීන දකින බව දැනිලා, සීතා පංසලක් පල්ලියක් උනා…….

යාලුවෙලා මුල් කාලෙම තමා

මහලු වෙලා පන අදිද්දිත්…

එක පාරක් සිප ගන්නව වගේම

එක පාරක් මිරිකන්න ඕකිව…..

රාමනම් මැරෙන්නේ මිරිකන්න රාමව…

සමහර විට ඇහැට කදුලක් එයි…

මනමාල හිනාවක් එක්ක…..

ඒක බලන් ඉන්න උන්ට රාගය..

රාමට සීතට ප්‍රේමය…..

යාලු වෙලා ඉන්න කාලෙ හිටිය විදිහ

බැන්දට පස්සෙ සහමුලින්ම වෙනස් වෙන ලෝකෙක….

සීතට වගේම රාමටත් වරදිනවා…

රාගය කියන්නේ අහවල් වැඩේ විතරක් කරන එක නෙවෙයි…

සමහර විට හැතැප්ම ගානක් ඈත ඉන්න වෙලාවක , තමන්ට පුලුවන් හීනවලත්

බඩ වෙන්න… සැතපෙන්න….හුස්මගන්න..

ලග ඉන්න කොට විතරක් නෙවෙයි….

ඈතින් ඉදනුත්… හුස්ම ගන්න ඔබේ රාමා එක්ක, ඔබේ සීතා එක්ක පන ඇරලා…

හීනෙනුත් මන් නිවන් යනවා…

මගෙ බන පදය මතක් කරලා….

මම බලන් ඉන්නව

ආයෙත් ඉක්මනින් ඈව දකිනකල්…

නුබල දන් නෑ නෙ..

මගෙ සීතා හරිම වල්…

පොඩිම සතුට ලොකුම කරන්

ඈ හිනහා උන

හැඩිම වෙච්ච මගෙ ජීවිතෙ

අස්කලෙ ඇගෙ පින

පුඩිම වගේ හිටියට හරි

වල් වනචර වෙන

වැඩිම වරක් මා හීනෙන්

ඉම්බෙ උබව පන ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: