hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:02



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

”ස්වේතා මන්දාකිණි” අද ඒ ලස්සන නමේ හිමිකාරියගෙ 23 වන උපන්දිනය.

නම විතරක් නෙවෙයි, ඇයත් හරිම ලස්සනයි.

ස්වේතාගේ උපන්දිනය වෙනුවෙන්, මධු මාධවත් ආදරණීය සුබපැතුමක් සිය මුහුණු පොතට එක්කාසු කරලා.

ඒ, ඔහුගේ අපූරු කවි සංකල්පනාවකුත් එක්කම….

”ලෝකෙ දිනල අම්මා ළඟට පියාබන්න දුව

උපන් දිනේ සුබ වෙන්නට පතනව තව තව

කවක් ඇත මගෙ හිතේ

එපා දුව කියවන්න……

නැවක් ගිලුනම පුතේ

මුහුදෙ හැක හංගන්න…..

මවත් නුබෙ පන වගේ

මැරෙන තුරු රැකගන්න…..

දුවෙක් ඉන්නම ඕනේ ගිනි

කන්ද ගොලු වෙන්න…..

තාත්තා..”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: