hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 22, ප.ව. 1:57



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මධුමාධව හරි අපුරු පෝස්ටුවක් සිය මුහුණුපොතට එකතු කර තිබුණේ මෙලෙසයි.

කටුනායකින් බැහැපු ගමන්

මගෙ තුරුලට පැන්නා..

සීනි බනිස් හාදු දහයක්

ඩොන් ඩොන් ගාල දුන්නා..

කටුනායක ගුවන්තොටුපල ජීවිතේ වගේ..

එක දොරකින් යනකොට දුක

අනික් දොරෙන් එනකොට සතුට….

සීනි බනිස්ව එනවට කලින් ගෙන්න ගන්න

මම දාපු උප්පරවැට්ටිය හරි ගියා ද මන්ද…

දැන් කියන් ආවොත් නෙ එක එක කඩප්පුලි, කතා

“පෙරලුන පිට හොදයි කියනව “කිය කිය…

ඇත්තටම මන් ඇගෙන් ඉල්ලුව පොඩි තෑග්ගක්….මීට දින කිහිපයකට කලින්.

උත්සවයකට යන ගමන්….

ආදරේ වැඩිකරගන්න ,මම kiss දහයක් ඉල්ලුවා..

එහෙම ඉල්ලුවම එයා, ඔක්කොම වැඩ නවත්තල පූජා කරනවා..

ඒත්…

උත්සවයට ඇතුල් වෙන්න කලින්..ඉල්ලුව උනාට….

ෆෝන් එක උලා කන සද්දයක් ආවත්..

හාදු සද්දයක්..

Kiss සද්දයක් ආවෙ නෑ…

දන්නවනෙ ඒ සද්දෙ..

කෙල හලාගෙන දීල ඇතිනෙ…

අන්න ඒ සද්දෙ තමා…

එක පාර සිග්නල් නැති උනා…

එහෙම නැත්තම් ඕනවට වඩා හැගීම් බරව දෙන්න ගිහින් එයාගෙම තොල් වැදිල ෆෝන් එක ඕෆ් උනා…..

කට අස්සටම දා ගත්තත් ඒක වෝටර් පෲෆ් පෝන් එකක් .. ඒත් ඌත් ගොලු උනා….

ඒ,kiss දහය ඇවිල්ල දෙන්න නෙවෙයි මන් කිව්වෙ

මම කොට්ටාවෙන් ගෙදර එන්න උත්සවයට ඉවර වෙලා ඇතුල් වෙනකොටත්….

මට මතක් උනා..

සීනි බනිස්ට මොකද උනේ කියලා….

තරහවෙලාවත්ද…මන් කරන නසරානි වැඩ වලට…

ඒ එක්කම පුදුම වැඩක් උනා….

මෙන්න එක පාරටම ඇගේ ලංකාවෙ අංකයෙන් call එකක් ආවා…….

මම පුදුමයෙන් පුදුමයට පත් උනා…

ඈ ලංකාවට ඇවිත්….

සීනි බනිස් ආවා….

පුලුවන් ඉක්මනින්… කටුනායකට ඉගිලුනා..

පුලුවන් ඉක්මනින්….

අනේ මගෙ සීනි බනිස් ඇවිල්ලා……

වෙනදට මන් ඇතුලටම ගිහින් ඇයව පිලිගත්තත්… පුදුම කරන්න ඈ තනියම ඇවිත්….

කටුනායක සතුටු පිටවීමෙන් එලියට ඇවිත් බෑග් එකක් උඩ ඉදගෙන මන් එනකම් බලන් ඉන්න ඈ දැකලා….

මට කෑ ගැහුනා….

ඇය නැගිට්ට බෑග්,එකෙන් පස්ස අහකට අරන්..

බෑග් එකටත් සතුටු ඇති..

ඒ පස්ස ටිකක් බරයි නෙ..

ඈ දුව ගෙන ආවා…..

කීයක් ද ඕනෙ උම්මා….

මම පොඩි එකෙක් වගේ..

දහයායි කියල කිව්ව….

ඈ පලමු kiss එක දුන්න…

මන් එකයි කිව්වා…

දෙවනි එක..

දෙකායි..

තුනායි..

4,5,6,7,8,9

දහවෙනි එක දෙනකොට…..

හාදුවක් වගේ නෙවෙයි…

බෝම්බයක් වගේ මට ඇහුනා මහා සද්දයක්….

ඔව්… ඒ තමා අන්තිම වෝටර් බැරියර් එක…

ඇ මතක් කර ගෙන හයි වේ එකේ එනකොට..

නින්ද ගිය පාර දැක්ක හීනයක හාදු දහය ගනන් කරන්න ගිහින්..

තමා අහිංසක මම වෝටර් බැරියර් දහය කඩාගෙන ගියේ….. ඉහි .. ඉහි.. ඉහි..

වෝටර් බැරියර් නිසා මන් හිතුවා මට උන දේ කවුරුත් දැනගන්න එකක් නෑ..

තම බිරිදගෙන් හාදු ඉල්ලා එය නොලැබුන තැන හීනෙන් එය ගන්න ගිය අහිංසකයා..

රටටම විවර වෙලා තිබ්බෙ..

වෙන විදිහකට…..

ඕනවට වඩා ප්‍රේමයට අවංක වෙන්න ගියාම වෙන දේවල්….

ඇත්තටම මේ සිද්දියට වග කියන්න ඕනෙ සීනි බනිස්….

එයා කරපු දේ ගැන කවුරුත් කතා නෑ..

එයා තමා හොදටම කරේ…

අහිංසක මම තමා අද ප්ලාස්ටික් හප්පල බෝගම්බර හිරගත වෙලා…

හිර කූඩුවෙ ඉදන්…

ඔබට මේක ලියන්න හිතුව..

අහිංසකයා……

මේ ප්‍රශ්නෙදි මගේ පැත්ත නොගෙන සීනි බනිස්ගෙ පැත්ත ගන්න සියල්ලගෙන්..

ලොකු වෙලා ප.ලි. ග. න්.න.වා

මදු මාදව හාදුවින්ද.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: