hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 24, ප.ව. 4:30



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මධුමාධව හරි අපුරු පෝස්ටුවක් සිය මුහුණුපොතට එකතු කර තිබුණේ මෙලෙසයි.

මේ කසාදෙ කැඩුනොත් , කැඩෙන්නෙ

මගෙ විශිෂ්ඨතම චිත්‍ර නිසා

මිනිස්සුන්ගෙ සැගඋන දස්සතා ඉස්මතු කරල, විවර කරල්, උද්දීපනය කොරල ගත්තම…

සැබවින්ම බලන්න මිනිස්සු දුක් විදින හැටි, ඒව බල බල..සොරි මිනිස්සු සැන සෙන හැටි…

මගෙ කලින් චිත්‍ර ය දැකපු නංගි කෙනෙක්, මහ රෑ කෑ ගහගෙන නැගිට්ටලු මගෙ චිත්‍ර යක් හීනෙන් දැකල…. ඒ මොහොතෙම ඈ මට පනිවිඩයක් දැම්ම…

අනේ බුදු අයියෙ මම ඇදෙන් බිමට වැටුනා ඔයාගෙ අක්කව ඇදපු චිත්‍ර ය හීනෙන් දැකල..

මගෙ ඇදුමත් උඩ ගිහින් බිමටත් වැටුන කියල ඈ ලියල එව්වා….

මම ටක්ගාල පික් එකක් එවන්න කියල කිව්වෙ ගහෙන් වැටුන නන්ගිට ගොනා ඇන්න වගේ වැඩකට ඈව තල්ලු කරමින්….ඇදුම කොපමන උඩ ගියාද බැලීමට උපන් පහන් සංවේගය අවංක සිතෙන් තැප්පත් කරමින්..

ඈ ෆොටෝවක් එව්ව..

මම තව තව දිරිමත් උනා…..

හොද වැඩේ මගෙ චිත්‍ර බලන අයට…

මහ රෑ දවල් නෑ….

ඒ මතකෙ චමත්කාරෙට හෝ ඔක්කාරයට එනවා….

ඉතිං මම ගැන කොහෙ හරි කතා උනොත්..

මගෙමේ හැකියාව ගැන මෙන්සස් කරන්න

අමතක කරන්න එපා….

ඔබේ ඇගයීම්..

මම නිහතමානීව පිලිගන්නවා….

පිරිමි පාරාන මගෙ චිත්‍ර බලල මොක උනත් මට මොකෝ..

ගැහැනු පාරාන බිමට වාටුනොත්..

ෆෝටෝ එකක් ගන්න අමතකකරන්න එපා..

කලාත්මක ඇහෙන් මේවා තේරුම් ගන්න..ප්ලීස්..

ටැන්කූ ටැන්කූ…

(චිත්‍ර වලට අපහාසකරල කුප කතා ලියන අය..පරිස්සමෙන් ඉන්න..එහෙම කරොත් අදිනව අල්ලල මූන .. හීනෙන්ම ඇදෙන් වැටිල ඔලුව පැලෙ.න්න)

මදු මාදව බලිඇන්ද…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: