hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 9:46



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

හදිසි අනතුරකින් වසරකට අධික කාලයක් රෝහල්ගතව සිට ජිවිතක්ෂයට පත් වූ ජැක්සන් ඇන්තනී වෙනුවෙන් මධුමාධව සටහනක් පළ කරලා තිබුණා.

ඉන්න කාලෙ වින කල උන් අකා මකා

නුබට ඇරිය උන් හට කෙල වෙනවා ජැකා

මුලින්ම අපි මුන ගැහුනේ සහරාවේ

අවසන්වරට ටවුන් හෝල් ශාලාවේ

යන්න ඕන උන් රගනවා දෝලාවේ

ඇයි මගෙ අයියෙ උබෙ පපුවට පන නාවේ

නමට නුබේ වස් වද්දල හිගා කකා

හපුටු නිගන්ටයො මතකෙන් නොකර මකා

දිනක කන්ද මුදුනෙදි පෙන්නනව කොකා

උබට ඇරිය උන් හට කෙල.වනවා ජැකා

පවනෙ නුබ නැතත් නුබෙ නම සිහි කැන්ද

තනිව නිදාපන් ඇහැරෙන් නැති නින්ද

මෙහෙම නුබව සමරල මතකෙට වැන්ද

හෙවන දුන්න ගහ රකිනව අරවින්ද

මදු මාදව මියගිය මිතුරන්වින්ද

ආදරේ උන්ව ආදරෙන් රැකගන්න

මම වගේම ඔයත්…

ආදරේ නැති උන්ව අමතක නොකරමු,

ඔව් අපි මිය ගියත්……





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: