hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 02, පෙ.ව. 6:07



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් ඔහු යම් යම් පළකිරීම් කරනවා.

ඉතින් මධූ හදිසියේ ම විදෙස්ගත වුණා කියලා අපිට ආරංචියක් ලැබුණා.

මේ ඔහු ඒ ගැන කියමින් තැබූ සටහන.

මා ඉතිං යන්න යනවා….

දුන්න ආදරේට ස්තුතියි ……

කටුනායක ගුවන් තොටුපලට ආපු මගේ උන්, බදා වැලද ගෙන අඩමින් හිනාවෙමින්

මට සුබ පැතුව….

සමහරු මූන දුන් නෑ… පැත්තකට වෙලා හොරෙන් බලන් හිටියා….

උන්ට මගෙ ගාවට දුවන් එන්න වගේමමට මගෙ උන් එකියන් ගාවට ආයෙ දුවන් යන්න හයියක් තිබ්බෙ නෑ….

මම යන්නම් කියලා … යන්න පටන් ගත්තා…

අඩියක් අඩියක් තියනකොට පපුව හරි බරට දැනුනා……

ආපහු හැරිල බැලුවෙ නෑ ….

මගේ උන්ගෙ මූනු වල තිබ්බ හිස් කම මාව කෑ හහල අඩවන නිසා…..

ගොඩාක් අය ඇවිත් හිටියා මට සමුදෙන්න….

මන් හිතුව අන්තිම මොහොතෙ ස්වේතා එයි කියල….

දුව ආවෙ නෑ……

මම ඒකට තරහ නෑ…

ආපු හැමෝටම හිනා වෙලා එහෙනම් මම යන්නම් කියල කියද්දි…..

පපුව කඩා ගෙන වැටුනා…..

මට ඇහුනා හූල්ලන සද්ද….

මම ඉක්මනින්….

අනික් පැත්ත හැරුනේ ඉක්මනින් උබලව දාල යන්න ඕනෙ හින්ද නෙවෙයි….

ඇස් දෙකෙන් එලියට පුපුරන්න දගලන කදුලු උබලට නොපෙනෙන්න….

ඈත අන්තිම කෙලවරට යනකම් හැරුනෙ නෑ මම පොඩි දරුවෙක් වගේ ඉකි ගගහ ඇඩුවා…

ඈතට අරන් යන්න බැරි තරම් ආදරේ කන්දක් මට දුන්න හැමෝම එකම එක සැරයක් බදාගෙන මම අවසන් වරට මාව පෙනෙන කවුලුව ලගදි හැරිලා…

මාව ඇරලන්න ආපු උන්ට අත් දෙක උස්සල වැන්දා…….

උබල දැක්කද මන් උබලට වැන්දා…

මට ආදරේ මගේ උන්ට මම හරි ආදරෙයි…

උබලට දැනුනද ඒ ආදරේ….

මට වෙන මොකක්වත් නෙවෙයි තිබ්බ හයිය…

මගේ රටේ මිනිස්සු මටදුන්න ආදරේ..

මට දුන්න නම…

කන බත් ඇටයක් ගානේ මන් හිතනවා….

මට මාව දුන්නෙ නුබලා…….

එහෙනම් ඔන්න ඒ මාව ආයෙමත් මගේ උන්ටදීලා….

මම යනවා… මාව හොයාගෙන….

කියාපල්ලා මට ආදරෙ මට හිතවත් මගෙ උන්ට එකියන්ට මම යන්නම ගියා කියලා…..

ඇස් දෙකෙන් විදින කදුලු ඈතට උන්ට පෙනුන් නෑ…

ඒත් උන් කෑ ගහල ….

මදුවෝ වරෙන් ආයෙ……කියල කියද්දි…….

මම දැක්ක ආපු සෙනගට මුවාවෙලා දෙන්නෙක් හොරෙන් මගෙ දිහා බලන් ඉන්නවා…..

ඒ කට්ටිය අස්සෙන් මගෙ අම්මා, තාත්තා හැන්ගිලා හොරෙන් මගෙ දිහා බලන් හිටියේ මහා ආදරෙන්…

මම කෑ ගහල කිව්වා….

මන් හරි ආදරෙයි කියලා මගේ උන්ට…..

සෙනග අස්සෙන් මන් දැක්ක…. එක රුවක් …

සෙනග පීරගෙන මාව හොයනවා….

අනේ ඇය ඇවිත්…..

මගෙ ලේ ටික මාව බලන්න ඇවිත්…..

මට හිටගෙන ඉන්න බැරි උනා……

කටුනායක අවසන් කවුලුව මම හයියට අල්ල ගත්තා…….

මගෙ අතේ තිබ්බ ගමන් මල්ල මට අත හැරුනා…

මම දන ගැහුවා……..

සෙනග පීරගෙන ආපු ලස්සන බෝනික්කෙක් දිලිසෙන ඇස් දෙකක් එක්ක හති දාගෙන දුවගෙන ආවා……..

ඒ කටහඩ මට මතකයි මයෙ දුවේ…….

“තාත්තා…..” ඇය අමාරුවෙන් කෑ ගහල මට කිව්ව……

ඔව් පුංචි ස්වේතා ඇවිත්….. රෝස පාට ගවුමක් ඇදන්…

ඇගේ අතින් අල්ලන් හිටියා ඇගේ අම්මා….

ඒ දෙන්නවම අත් දෙකන් අල්ලාගෙන හිටියා මගෙ සීනි බනිස්…..

මහත්තයා ඔයා කොහෙද යන්නේ ඈ ඇහුවා….

මට ඇහැරුනා…….

හීනෙ ඉවර උනා… මම නැගිටල සීනි බනිස්ට ආයෙමත් සුබ පතල…

දැක්ක හීනෙ ඔන්න ලිව්ව…..

දුක් වෙන්න කිසි දෙයක් නෑ….

ජීවිතය කියන්නේ ගමනක්.. ආදරනීය….

ගමනාන්තය කියන්නේ සැපක්, සතුටක්, දරා ගැනීමක්, සැමරීමක්…..

අවසන් ගමනාන්තය කියන්නේ ඔබට…

Final destination is you……

ඔබව හමුවෙන කම්…. ගමන් කරන්න….

ඔබව හමූඋන පසු….

ඔබට දැනේවි….. ජීවිතය කියන්නේ සැපක්…..

ඕනෙනම් වෙනස්කල නොහැකි අතීතය අතහරින්න….

වෙනස් කල හැකි අනාගතය ආදරෙන් අල්ල ගන්නනම්…..

තමන්ව අත හරින්න එපා…..

ලොකේ කොහේ හිටියත්… තමන්ව ආදරෙන් අල්ල ගන්න…..

ඔබට සුබ නවවසරක් වේවා…….

මදු මාදව බොරුහීනවින්ද