hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 27, ප.ව. 9:30



මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම බොරු කියමින් මඩ ගසමින් නින්දා අපහාස කරමින් විශාල පාපයක් සිදු කරගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පවුල් කඩාකප්පල් කරමින් කොම්පැණි කඩා වට්ටමින් ඔහු සිදු කරන මහා පාපය දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය කර්ම ලෙස කිසියම් අවස්ථාවක පඩිසන් දෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.

උදෑසන පත්තරේ විස්තරේ නමින් කියන බොරුවලට දිනක අපාගත වන චමුදිත සමරවික්‍රම නියත වශයෙන් ම කටු ඉඹුලේ අරිනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.

හිරු නාළිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: