2024 ජූනි 06, පෙ.ව. 11:16
ඓතිහාසික ජේතවනාරාම චෙත්‍යයෙහි අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කර ඇත්තේ මෙරට ප්‍රසිද්ධ රියැලිටි තරගයකින් ගායන ක්ෂේත්‍රයට පිවිසි මංජුල පුශ්පකුමාර බව වාර්තා වෙනවා.
එම සොරකම සම්බන්ධයෙන් පසුගිය 03 වැනිදා පස්වරුවේ උඩමළුව පොලීසිය විසින් සැකකාර මංජුල පුෂ්පකුමාර අත්අඩංගුවට ගත් අතර ඔහුත් සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා.
අදාල සැකකරුවන් පිරිස 04 වනදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධයෙන් ගායන ශිල්පී මංජුල පුශ්පකුමාර සිය ෆේස්බුක් ගිණුම හරහා සජීව පැමිණ ප්‍රකාශ කර සිටියේ අදාල සිදුවීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
එහිදී ඔහු ‘මම හරි අමාරුවෙන් මගේම බිස්නස් එකක් කරනවා මම අහිංසකයි’ යනුවෙන්ද සඳහන් කර තිබෙනවා.
මංජුල පුශ්පකුමාරගේ මෙම ප්‍රකාශයත් සමග ඔහුගේ රසිකයන් මෙන්ම හිතවතුන් මාධ්‍ය වෙත නොයෙක් චෝදනා එල්ල කරනුද දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්ව සිටින ඡායාරූපද මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බව ද දක්නට ලැබුුණා.
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 04, පෙ.ව. 12:10
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26