hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 29, පෙ.ව. 6:42



මාතර තිහගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 14ක දරුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මාතර තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ පස්වරු 4.30ට පමණ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණා.

මෙලෙස වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබුයේ මාතර නායිම්බල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හරේෂ් හංසක දේශාන් නම් සිසුවෙක්.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

කෙසේ වෙතත් සිද්ධිය සිදු වූ අවස්ථාවේදී අදාළ ත්‍රිරෝද රථයේ සිටි සිසුවෙකු චෝදනා කළේ සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ත්‍රීරෝද රථයේ ගමන් කළ තවත් දරුවෙකු සඳහන් කළේ මෙවැන්නක්.

“පොලීසිය එනවා දැක්කා.. අපි තැනක නවත්තලා මොණර පිහාටු තියෙනවා ද බැලුවා. ඊට පස්සේ අයෙත් ත්‍රීරෝද රථයට නගින්න යද්දිම පොලීසිය ඇවිල්ලා බැස්සුවා. අපි බහිනවාත් එක්කම පොලීසිය ඇවිල්ලා බැහැපල්ලා බැහැපල්ලා කිව්වා. අපි සේරම බැහැලා.. හරේෂ් මල්ලි බහිද්දිම.. එයා අන්තිමට බහින්න හිටියේ, එයාව ඇදලා අරගෙන පිස්ටල් එක තද කළා. එතකොට තමා පිස්ටල් එක පත්තු වුණේ. ඊට පස්සේ හරේෂ් මල්ලි ඇතුළට වැටුණා. මම උස්සලා පොලිස් වීල් එක ඇතුලට දැම්මා ඊට පස්සේ එයාලා ඇවිල්ලා එක්කරගෙන ගියා මාතර රෝහලට.”

මාතරදී 15 හැවිරිදි දරුවෙකුට වෙඩි තබයි – පොලීසියට චෝදනාවක්

මාතර පොලීසිය ගම්වාසීන් වට කරයි – මිය ගිය දරුවාගේ මව පොලීසිය දෙවනත් කරයි

මාතර දරුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය : උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට