hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 6:45



ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆාට සිය රැකියාව අහිමි වී තිබෙනවා.

මීයා කලීෆා යනු අසැබි නිළියක ලෙස කලක් ප්‍රසිද්ධව සිටි තැනැත්තියක්.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙද්දී, මීයා සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීමට පටන් ගත්තා.

‘මීයා කලීෆාගේ සහාය පලස්තීනයට’ යනුවෙන් පුවත් මැවීමට ඇගේ එම අදහස් දැක්වීම් හේතුවක් වී තිබුණි.

මීයා, ටොජ් ෂැපිරෝ නමැති ගුවන් විදුලි නිවේදකයා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි අතර, මියාගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇය ගැන අප්‍රසාදය පළ කළ ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය පවසා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: