hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 12:22



මහනුවර අලදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් අලදෙණිය වැරැල්ලගම පදිංචි නලින් කුමාර වික්‍රමසිංහ යන 35 හැවිරිදි තිදරු පියෙක් අතුරුදහන් වී තිබෙනවා.

තම කුඩා දියණියන් තිදෙනාට කිරි පැකට් දෙකක් ගෙන ඒමට කඩයට ගිය මෙම පුද්ගලයා මාස දෙකහමාරක් තිස්සේ අතුරුදහන් බව ඥාතීන් ප්‍රකාශ කර සිටිනවා.

සිය සැමියා ජූනි මස 28 රාත්‍රී 7.45ට පමණ් නිවසේ සිට මීටර 200ක් පමණ දුරින් පිහිටි කඩයට යාමට පාරට ගොස් ඇති බවයි බිරිඳ පවසන්නේ.

මෙම පුද්ගලයාගේ අතුරුදහන් වීම පිළිබඳව අලදෙණිය පොලීසියට පැමිණිලි කර ඇති බවත් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින බවයි පැවසෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: