2023 ජනවාරි 21, ප.ව. 12:56
මොණරාගල මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් නාගහමඩ මහා විද්‍යාලයේ දරු දැරියන් උදෙසා අභ්‍යාස පොත් බෙදාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි තිගාම්බරම් මහතාගේ මාධ්‍ය ලේකම්, මාධ්‍යවේදී අරුණ රත්නායක මහතාගේ සුරතින් ඊයේ (20) සිදුකෙරුණා.
වර්තමානයේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විශාල සමාජ සේවයක නිරත ව සිටින අරුණ රත්නායක මහතා දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම සඳහා ඉදිරියේදී ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එම අවස්ථාවට මුගුණු මල් රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේද, කැනඩාවේ පදිංචිය ඩන්ශන් මනි මහතා, නාගහමඩ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා, පාසල් සංවර්ධන සමිතියේ නියෝජිතයින්, ආදි ශිෂ්‍යයින් එක්ව සිටියා.
කැලණි විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අරුණ රත්නායක මහතා ජාතික භාෂා හා කඳුරට නව ගම්මාන යන අමාත්‍යංශවල මාධ්‍ය ලේකම් ධූරයේද කටයුතු කර ඇති අතර හිරු ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස ද සේවය කර තිබෙනවා.




2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14