hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 15, ප.ව. 2:42



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද පත්ව ඇති තත්වය උදාවී ඇත්තේ ඔවුන් වැඩි වශයෙන් සමාජ ජාලා පස්සේ දුවන නිසා බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

සිරස රූපවාහිනියේ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තමන් දෙන උපදෙසක් හෝ අදහසක්වත් පිළිගැනීමට සූදානම් නැති මට්ටමක සිටින බවද පවසන ඔහු ඉන්දීය ක්‍රීඩකයන් තමන්ගේ පසුපස පැමිණ අදහස් උපදෙස් ලබා ගන්නා බව කියා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ ජාලා හරහා තමන් වර්ණනා කරමින් විවිධ වාර්තා තමන් විසින්ම සම්පාදනය කරමින් ඒවා පසුපස දුවමින් සිටින බවටද ඔහු චෝදනා කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: