2022 ඔක්‍තෝබර් 18, ප.ව. 3:36
මෙරට නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ පැවැත්වෙන මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් නම් තරඟයට ඉදිරිපත්වීම සඳහා සූදානම් කරගෙන සිටි ඇඳුමෙහි බර වැඩිවීම නිසා එය රැගෙන යාමට තමන්ට කටුනායක ගුවන් තොටුපළේදී ඉඩනොදුන් බව මෙරට නිරූපිකාවක් වන නිහාරි පෙරේරා පවසා සිටියා.
ඇය රැගෙන ගොස් ඇති ඇඳුමෙහි බර කිලෝ ග්‍රෑම් 27ක්.
එම ඇඳුම මෙම තරගාවලියේ ඇය ඉදිරිපත් කිරීමට නියමිත සංස්කෘතික අංගය සඳහා නිර්මාණය කර ඇති එකක්.
ඉන්දුනීසියාවේ පැවැත්වෙන මෙම “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දස වන වරට වන අතර ඒ සඳහා රටවල් 68 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගි වෙනවා.












2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16