hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 18, පෙ.ව. 8:58



වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි.

දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.

වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නෙත් අන්න ඒ කාරණය නිසාමයි.

වෛද්‍ය වෘත්තිය තුළ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් සුන්දර ඒවා නම් නෙවෙයි.

රෝගී ජීවිතයක් සුව කරනකොට දැනෙන්නේ අපිරිමිත සතුටක්.

ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි.

රෝගියකු බේරා ගැනීමට අපොහොසත් වුණ අවස්ථාවක දැනෙන්නේ අතිශය දරුණු වේදනාවක්.

වෘත්තිය තුළ නියැලෙනවා වගේම, වෘත්තීය අත්දැකීම් බෙදාගන්න ඔවුන් යුහුසුළු වෙන්නේත් අනතුරකට පෙර තවත් ජීවිතයක් රැකගන්න.

අපි කොච්චර කිව්වත් මේ භූමියේ මිනිස්කම් පිරිහිලා කියලා, එහෙම නෑ… මිනිස්කම් තාමත් හුස්ම ගන්නවා.

මේ අපි අතරම දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. අනෙකා වෙනුවෙන් හදවත් උණුවෙන මිනිස්සු ඉන්නවා.

එහෙම මිනිස්සු ඉන්නකල් මේ භූමිය සුරක්ෂිතයි.

වෛද්‍ය පාලිත රාජපක්ෂ බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනා ගැන හරි අපූරු සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

බදුල්ල ශික්ෂණ රෝහලේ ..

වි.ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනා ..

Dr.Dumminda dissanayaka..

Dr.Piyal kurukulasooriya..

රැවුම් ,ගෙරවුම් නැත…

අනවශ්‍ය ගැටුම් නැත…

ආඩපාලී නැත….

වාට්ටු 6 ක..

ශල්‍යගාර 6ක..

කොතැනක..

කොතරම් වැඩ තිබුනත්…

මහන්සියෙන් සිටියත්.

අවැසි වෙලාවට ..අවැසි තැන

මොකක්ද අයියේ කෙරෙන්ඩ ඔනි..

අපි එන්ඩද???

අයියේ ලෙඩෙක් ගේනව ලැස්තිවෙන්ඩ..

එ ඔවුන්ගේ හඩය…

ඌවේ රෝහල් ශල්‍ය ඉතිහාසයේ ඔවුන් වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන්විය යුතුය ..

මන්ද විශිෂ්ඨයින් විශිෂ්ටතම තැනක තැබිය යුතුමය ..

..ෆොටෝ එක හොරෙන් ගහගත්තට අවුල් වෙන්ඩ එපා..

…වෛද්‍ය පාලිත ..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: