hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ජූලි 06, පෙ.ව. 10:19



පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබෙන බවත් එම නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව වාර්තා වේ.

සමස්තයක් ලෙස සම සුදු කිරීමේ ආලේපන සම්බන්ධ ගැටළු පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබෙන බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සදහන් කරයි.

රටේ පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට ඒවා ප්‍රවර්ධනය කරන්නන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දිරිමත් කරන බවද වෛද්‍ය සේමගේ සදහන් කරයි.

රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කිරීමට නීතිමය රාමුවක් හෝ ඒ සඳහා පනතක් නොමැති බැවින් ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම අධිකාරියට බාධාවක්වී තිබෙන බව වාර්තා වේ.

මේ අතර පියුමි හංසමාලී පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ සදහන් කළේ, එකක් රුපියල් 35,000 බැගින් ක්‍රීම් පාර්සල් 25,000ක් පමණ කුරියර් සේවය හරහා අලෙවි කළ බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: