hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 19, ප.ව. 1:47



කෑගල්ල දැඩිගම විදුහලක විදුහල්පතිවරයකු දහවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ මුහුණ සිප ගත් බවට එම සිසුවාගේ මව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ දුන් බව කියන සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන විදුහල්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

දහවෙනි වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා සිගරැට් පානය කර පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත සිගරට් ගඳ වාහනය වන්නේ දැයි යන්න සොයා බැලීමට එසේ කළ බව විදුහල්පතිවරයා පවසන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියා.

සිසුවා සිගරට් පානය කරනොමැති බව එම පරීක්ෂාවේ දී අනාවරණය වූ බව ද විදුහල්පතිවරයා පොලීසියට පවසා ඇතැයි දැනගන්නට තිබෙනවා.

එසේ නොමැතිව වෙනත් අරමුණකින් මෙවැන්නක් නොකළ බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් පොලිසියට පොලීසියට පවසා ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.