2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 9:50
සති දෙකක් ඇතුළත දෙවන වරට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අතුරුදන්ව ඇති බව ඊයේ වාර්තා වුණා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමැති සිසුවෙක්.
කඩවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ ඔහු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති අතර භාෂා තුනකින්ම ලිපි ලියා රාත්‍රි කාලයේදී ඔහු නේවාසිකාගාරයෙන් පිටතට පැමිණ ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සිසුවා අතුරුදන්ව ඇති බවට විශ්වවිද්‍යාලය මගින් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඔහු ලියා ඇති ලිපියේ සඳහන් වන්නේ තමන් ප්‍රශ්න රැසකින් පීඩාවට පත්ව සිටින බවත් විසඳුම් ලබාදීමට කිසිවෙකුගේ සහයක් නැති බවයි. මේ ප්‍රශ්න මැද දිගටම විශ්ව විද්‍යාලයේ වැඩ වැටීම පීඩාවක් බව පෙන්වා දෙන ඔහු ප්‍රශ්න වලින් ඈත්විමට තීරණය කළා මේක මෝඩ වැඩක් කියල සමහරු කියාවි… යයිද සටහන් කර තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ ම ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුවෙකු මීට සති දෙකකට පමණ ඉහතදී මානසික ආතතිය බැව් පවසමින් සිය දිවි හානි කර ගෙන තිබුණා.
2025 ජූලි 01, පෙ.ව. 12:07
2025 ජූලි 01, පෙ.ව. 12:03
2025 ජූනි 30, පෙ.ව. 12:04
2025 ජූනි 30, පෙ.ව. 12:04
2025 ජූනි 29, පෙ.ව. 12:07
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25