hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 04, පෙ.ව. 12:08



ලාංකීය හෙද වංශ කතාවේ පුෂ්පා රම්‍යානි සොයිසා කියන්නේ කාටත් කවදාත් අමතක නොවන සහ අමතක කරන්න බැරි චරිතයක්.

ඇය අද ඊයේ නොව බොහෝ කලක සිටම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බබළමින් සිටින සුවිශේෂී ගැහැණියක්.

ඒ අන් කිසිවක් නිසා නොව ඈ සමාජය වෙත නිර්ලෝභීව දායාද කරමින් සිටින හෙද සේවාවන්, උපදේශනයන් හා දැනුම් සම්භාරයන් පමණක් ම නොව ඇය සමාජය වෙනුවෙන්ම ජීවිතය කැප කළ සුවිශේෂී සමාජ සේවිකාවක් ද වන නිසාය.

ඇය බොහෝ කලක සිටම ජනප්‍රිය ගැහැණියක් වන්නේ ද බොහෝ දෙනාගේ ආදර ගෞරවයට ලක් වන්නේ ද ඒ සුවිශේෂීභාවයන් නිසාය.

පසුගියදා දැයෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාගේ රෝහල් කාලය ගැන පුෂ්පා රම්‍යානි සොයිසා මෙසේ අදහස් දක්වා සිටියා.

” මම හෙදියක් වන නිසාවෙන් වෛද්‍යවරයෙක්ගේ කාර්යයභාරයෙන් අරන් ඔහු ගැන කතා කරන්න මට කොහෙත්ම හැකියාවක් නෑ. නමුත් මට මතකයි අපි ඔහුව භාරගත් අන්දම. ඔහු අපි එක්ක කතා කළා. ‘ ආ නංගිලත් ඉන්නවනෙ ‘ කියලා ඔහු සහ ඔහුගේ පවුලේ අය විශ්වාසයකින් කතා කළේ. පුද්ගලයාට වඩා අපිට වැදගත් වෙන්නෙ අපි ළඟට එන රෝගියාව. ඉතින් අපි හොඳින් ඔහුට ප්‍රතිකාර ආරම්භ කළා. මිනිස්සු කිව්වා හොල්මන් කරනවා, ඇට සැකිල්ල විතරයි තියෙන්නෙ කියලා. ඔහු මිය ගියා… නමුත් පවුලක් තාමත් මේ සමාජයේ ජීවත් වෙනවා. ඉතින් මම කියන්නෙ දැන් මේ විවේචන නතර විය යුතුයි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: