hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අප්‍රේල් 22, පෙ.ව. 11:32



රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගියා.

මෙලෙස මියගොස් තිබුණේ කරඳගස් තැන්න, හිරිවඩුන්න, නාරම්බැද්ද රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී චමින්ද ලක්ෂාන් නැමැත්තෙක්.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුගේ බිරිඳගේ මව මෙසේ පවසා සිටියා,

“මගේ බෑනා ඒ. පෙට්රල් ගහගෙන එන්නයි ගියේ බයික් එකට. මෙයාලගේ ෆෝන් එකට කතා කරලා කවුරුහරි කිව්වා කියලා දුව හයියෙන් කෑ ගැහුවා එතකොට ළමයි දෙන්නත් අරන් ගියා. අම්මේ සුද්දට වෙඩි තියයලු මම යනවා කියලා. මම මේ ගෙදර තනියෙන් හිටියා ඒ කට්ටිය ගිහින් එනකන්. ඒ යනකොටත් නැති වෙලාලු. ඉතින් මේ දරුවොත් අඬනවා. මේ එක දරුවෙක් 10 පන්තියේ ඉන්නේ. දැන් අපි හතර දෙනාට කන්න අඳින්න දුන්නෙ ඒ ළමයා නේ. ඉතින් දැන් අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. මේ දරුවාව ඉස්කෝලේ අරින්න ඕනි. කාගෙන් හරි උදව්වක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. රැකියාවක් විදිහට අලින්ට අතු කැපුවා. ඒකට ඊයේ උදේ අතු කැපුවා. කපලා හවස ගියා තෙල් ගන්න. මෙයා 10 පන්තියේ ඉන්නේ. පාස් වෙලා ඉන්නේ. මෙයාට දැන් සුදු දික් කලිසමක්ලු ඕනේ. දුව ගෙනත් තිබුණේ නිල් පාට කොට කලිසමක්. තාත්තෙ මට සුදු දික් කලිසමක් ඕන කියලා කිව්වා. ඒ පාර කිව්වා අම්මා එක්ක ගිහිල්ලා ගේන්න එහෙනම් මම තෙල් ගහන්න ශෙඩ් එකට යනවා කියලා කාඩ් එක දුන්නලු සල්ලී අරන් අම්මා එක්ක ගේන්න කියලා. ඉතින් ඔය ටික තමයි කියලා ගියේ. හමුදාවෙන් කිව්වා පොලීසියෙන් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ කියලා. පොලිසිය බාර ගත්තා වැරැද්ද.”

“හමුදාවේ ලොකු මහත්තයා කීවේ බේරගල කෑම්ප් එකේ. අපිත් ඉතින් එන්න කිව්වා ඒ ගොල්ලන්ට එන්න විදිහක් නෑ මේ රාජකාරි වැඩ හින්දා. අපිට ඔක්කොම වැඩ බාර දුන්නා. අපි මේ සිද්ධියේ වැඩකටයුතු ඉවර වන තුරාම මෙහාට උදව් කරමින් ඉන්නවා කීවා. ඉතින් ඊයේ රෑ අපි ටිකනේ හිටියේ උදේනි ගමේ අය ආවෙ මෙතැනට උදේනේ ගමේ අය ආවේ මෙතනට. ඒගොල්ලො උදේ කන්න අරගෙන ආවා. ඒගොල්ලෝ කිව්වා හට් පුටු එහෙම තව ටිකක් අපි ගේනවා කියලා. ඒ පාර ලොරියක අරං ආවා. ඇවිත් කිව්වා අද දවල්ටත් තුන්සියයකට කන්න දෙනවා කියලා. ඒ වගේම දවල්ට තුන්සියකට කන්න කෑමත් ගෙනාවා. ඊට පස්සේ ළමයි ඇවිදින් කිව්වා හමුදාවේ කට්ටිය අපිට ඕන නැහැ අපේ එකා මරලා දැන් ඉවරයිනේ අපි මේ වැඩ ටික ඉවර කර ගමු කියලා මේ ලමයි ටික කිව්වා. ඒ ළමයි කිව්වා නැන්දා හමුදාවේ අයට යන්න කියන්න කියලා. මම කිව්වා මට කියන්න බැහැ මගේ ගෙදර දොර නෙවෙයිනේ පුතේ මේක දුවක් නැති නිසා ඒ කට්ටිය ඔහේ හිටපුවාවේ ඔයාලා කෑ නොගහ ඔයාලගේ වැඩ කරන්න කියලා. එයාලා ගියා කියලා මම දැනුයි දන්නේ. ඇහෙන් දැකපු කෙනෙක් ඉන්නවා. ඉන්දික පුතා පෙට්‍රල් ගහලා එන්න ආවලු ගලක්වත් ගැහුවෙ නැතිලු මේ ළමයා යමු අපි කියලා හැරුනා විතරලු. බයිසිකලෙත් එතනලු. ඒ ගමන්ම පොලිසියෙන් ඇවිල්ලා වෙඩි තිබ්බලු. ගමේ අය හමුදාවෙන් එළවලා නේ. ගමේ අයනේ අපි කියලා නෙවෙයිනේ. ඉතින් අපිට ඒක සැකයක් තියෙනවා මේ මිනිහා ගෙනාවා ඉන්පස්සෙ මොනවා සිද්ධ වෙයිද කියලා. මට බයක් තියෙනවා මේ දරුවො දෙන්නා හින්දා. අපිට මොනවා වුණත් කමක් නෑ.”