hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අප්‍රේල් 23, ප.ව. 8:41



රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදු කෙරුණා.

හිරිවඩුන්න, කරදගස්තැන්න පවුලේ සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බවයි වාර්තා වුණේ.

චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු සඳහා ස්වාමීන් වහන්සේලා සියක් නමක් වැඩම කර තිබුණා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඊයේ (22) දිනයේ ඔහු පදිංචිව සිටි නිවසට රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණියා.

අවසන් කටයුතු සිදුකළ අද (23) දිනයේ දී ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් ආරක්ෂක අංශ යොදවා තිබුණා.

පසුගිය 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ දී පැවති විරෝධතාවක් අතරතුර පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් චමින්ද ලක්ෂාන් ජීවිතක්ෂයට පත් වුණා.

May be an image of 2 people and people standing
May be an image of 3 people, people standing and indoor