hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 16, ප.ව. 6:24



රෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයා ගේ අවසන් කටයුතු අද (16) පස්වරුවේ බෝම්ඹුවල පොදුසුසාන භූමීයේදී සිදු කර තිබෙනවා.

බෝම්ඹුවල පාලයන්ගොඩ නිවසේ සිට දේහය අවමංල්‍ය පෙරහැරකින් බෝම්ඹුවල ක්‍රීඩා පිටියට රැගෙනවිත් බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු බෝම්ඹුවල පොදුසුසාන භූමියේ දී භූමදානය සිදු කළා.

ඊයේ පස්වරුවේ ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිවසට පැමිණ සිටී අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර , රාජ්‍ය අමාත්‍ය  පියල් නිශාන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන සංජිව එදිරිමාන්න සහ අනුප පැස්කුවල් ඇතුළු දේශපාලන නියෝජිතයන්, සම්භාවනීය අමුත්තන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූවා.