hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජූනි 11, පෙ.ව. 12:01



අපේ ජීවිතේ හරි අවිනිශ්චිතයි..

සනුරිගේ මේ හදිසි මරණයත් කියන්නේ අන්න ඒ අවිනිශ්චිතබවමයි.. 

වයස අවුරුදු 26 වුණ මේ සුන්දර තරුණිය, අද ඇයට ආදරය කළ කා අතරත් මතකයක්ම විතරයි.. සනුරි ඉසුරිකා වීරසේකර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සිව්වන වසරේ ශිෂ්‍යාවක්..

තමන් ආදරය කළ සුරතලා ‘ඔජෝ” පසුගිය දවසක අසනීප වෙනව… ඉතින් සනුරි එදා තම ඥාති සහෝදරයෙකු සමඟ නිවසෙන් පිටවෙන්නේ අන්න සුනඛයාගේ පාදයේ ආබාදයට ප්‍රතිකාර කිරීම සඳහායි..

ප්‍රතිකාර සඳහා පේරාදෙනිය සත්ව රෝහලට මෙම පිරිස ගිහින් එන අතරවාරයේදී මේ අනතුර සිදුවුණේ කවුරුත් නොසිතූ නිමේශයකයි.. මේ අනතුර වෙන්නට සුළු වෙලාවකට ඉහතදී සනුරි තම මවට දුරකතන ඇමතුමක් ගෙන පවසා තිබුනේ ඔවුන් නැවත ආපසු එන බවයි..

ඒ අතරවාරයේදී නොසිතූ ලෙස ටිපර් රථයක ඔවුන් එන ත්‍රීරෝද රථය ගැටෙනවා..  එහි ගමන් කළ අනිත් අයට මෙම මාරක අනතුරෙන් දිවි බේරාගන්න පුළුවන් වුණත් , සනුරිගේ දෛවය ඊට හරස් වෙනවා.. 

අනතුර සිදුවූ වහාම ඇය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළත්, ඇගේ ජීව්තය බේරා ගන්න කාටවත් හැකියාවක් ලැබෙන්න්නේ නැහැ.. කොහොම වුණත්, සනුරිට ආදරය කරන අම්මා තාත්තා වගේම ඇගේ හිතවතුන් හැම කෙනෙක්ටම මේ සුන්දර කෙල්ල දැන් මතකයක් විතරයි.. විදෙස් ගත වෙලා ඉන්න ඇගේ පියා වගේම ඇය එක්කම ඉන්න මවත් මේ වියෝව කොහොම දරාගන්න ඇතිද;..?

ඒ කිසිවෙකුගේ දුක් අදෝනා දැන් ඇයට නෑසෙන දුරකට සනුරි ගොස් අවසානයි..  අකාලයේ මිලින වූ මේ ලස්සන රෝස මලට නිවන්සුව අත්වේවා..  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: