hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 10:32



තොඩුවාව, තල්විලවැල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයකට සම්බාහනය සඳහා පැමිණි විදෙස්  රූමත් තරුණියකට අතවර  කළ සම්බාහනකරුවකු සහ එම සම්බාහන මධ්‍යස්ථාන හිමිකරු පෙරේදා (17)  සැකපිට අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවිල සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38 සහ 43 වයසැති පුද්ගලයන් දෙදෙනෙකි. මෙම සිද්ධියෙන් අගතියට පත්ව ඇත්තේ 23 හැවිරිදි ප්‍රංශ ජාතික රූමත් තරුණියක්.

මෙම සම්බාහන මධ්‍යස්ථානය තල්විලවැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා නීත්‍යනුකූල බලපත්‍රයක්ද නොමැති බව පොලිසිය පැවසුවා.

මෙම සම්බාහන මධ්‍යස්ථානයට අගතියට පත් ප්‍රංශ ජාතික තරුණිය සහ ඇයගේ මවුපියන් සම්බාහනයක් කර ගැනීම සඳහා පැමිණ තිබෙනවා.

පළමුවෙන්ම මෙම තරුණිය සම්බාහනය කරන කාමරයට ගොස් තිබෙනවා.

සම්බාහනය කරමින් ලිංගික ප්‍රදේශයේ කළ ස්පර්ශ කිරීමකදී තරුණිය එම ස්ථානයෙන් ඉවත්වී මේ බව මවුපියන්ට සැල කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා.

පොලිසිය එම ස්ථානයේ කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාතී පරීක්ෂණයක් කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රංශ ජාතිකයෝ ශ්‍රී ලංකා පොලිසියට සිය ස්තුතිය පුද කළා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තොඩුවාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රණවීරගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන චමිල සහ සුජීව, කාන්තා පොලිස් සැරයන් දිල්ෂානි (12767), පොලිස් කොස්තාපල් රංදිම (10537) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: