2026 මැයි 25, පෙ.ව. 12:04
මේ දවස්වල ලංකාවේ හැම පැත්තකින්ම අහන්න ලැබෙන්නේ පවුල් ආරවුල් දුරදිග ගිහින් සිද්ධ වුණු අන්තිම අමානුෂික, ලේ හලන අපරාධ ගැනනේ.
ඔන්න ඒ වගේම මුළු රටම කම්පා කරපු, ඇඟ කිලිපොලා යන තවත් ම්ලේච්ඡ සිදුවීමක් මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. තමන්ගේම බිරිඳගේ හිසට පෙට්‍රල් දාලා, පණපිටින් ගිනි තියලා පලාගිය 41 හැවිරිදි සැකකාර සැමියාව මුල්ලේරියාව පැත්තේදී පොලිසියෙන් කුදලාගෙන තියෙනවා.
දැනට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව මේ වෙනකොට ඒ අවාසනාවන්ත කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ජීවිතයත් මරණයත් අතර සටනකයි ඉන්නේ.
සිද්ධිය වෙලා තියෙන්නේ පහුගිය 18 වෙනිදා හවස 5.30ට විතර. මේ සැකකාර සැමියා ත්‍රිරෝද රථයකින් ඇවිත්, කවුරුත් නොහිතපු වෙලාවක මේ කාන්තාවගේ ඔළුවටම පෙට්‍රල් හලලා ගිනි තියලා එකපාරටම පලාගිහින් තියෙනවා. ගින්නෙන් ඒ කාන්තාවගේ මුහුණයි, පපුව ප්‍රදේශයයි දරුණු විදිහට පිළිස්සිලා තියෙනවා.
ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණත්, පොලිසියෙන් රෝහලට ගිහින් ඇයගෙන් මූලික කටඋත්තරය ලියාගන්න සමත් වෙලා තියෙනවා. ඒ අනුව තමයි මීගහවත්ත පොලිසියෙන් මෙහෙයුමක් දාලා මේ නරුම සැමියාව කොටු කරගෙන තියෙන්නේ. මිනිහව අල්ලගත්තට පස්සේ සිද්ධියට පාවිච්චි කරපු පෙට්‍රල් බෝතලයයි, වීල් එකයිත් පොලිස් භාරයට අරන් තියෙනවා.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇති තොරතුරු ඇත්තටම හිතාගන්නත් අමාරුයි. මොවුන් දෙන්නම මීට කලින් කරපු කසාදවලින් නීතියෙන් වෙන් වෙලා තමයි දෙන්නත් එක්ක අලුතින් විවාහ වෙලා තියෙන්නේ. හැබැයි මේ කාන්තාව විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න පටන් අරන් තියෙනවා කියලා සැකකරු කියනවා. දවස් ගණන් යනකල් ඇය ගෙදර එන්නෙත් නැතිලු.
කොච්චර අවවාද කරලා, උපදෙස් දුන්නත් ඇය දිගින් දිගටම මෙලෙස අනාචාරයේ හැසිරුණු නිසා හටගත්තු දැඩි කෝපය වෛරයක් බවට පත්වෙලයි මූ මේ අපරාධය කරලා තියෙන්නේ.
“මම එයාට ගිනි තියලා මමත් මැරෙනවා කියලා තමයි කිව්වේ…” කියලා සැකකරු පොලිසියට කියලා තියෙනවා. ඒ කියන්නේ බිරිඳව මරලා මිනිහත් සියදිවි නසාගන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ.
ප්‍රදේශවාසීන් කියන විදිහට මේ සැකකරු මීට කලින් කිසිම අපරාධයකට, රණ්ඩුවකට ගෑවුණු කෙනෙක් නෙවෙයි. තමන්ගේ පාඩුවේ වීල් එක දුවගෙන හිටපු සාමාන්‍ය මනුස්සයෙක්ලු.
2026 මැයි 24, පෙ.ව. 12:02
2026 මැයි 23, ප.ව. 7:05
2026 මැයි 23, පෙ.ව. 12:06
2026 මැයි 22, පෙ.ව. 12:07
2026 මැයි 21, පෙ.ව. 12:01
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26