2024 ජූලි 23, පෙ.ව. 11:30
අතුරුගිරියේ සාප්පුවක වෙඩි ප්‍රහාරය නිසා ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් තැනැත්තා නයන වාසුලයි. ගම්පහ මහානාම හිමියන් ලෙසින් මෙරටේ බොහෝ ජනාදරයට පාත්රව සිට පැවිදි ජීවිතය අත්හැර ගායන ශිල්පිනි කේ.සුජීවා සමග ඔහු විවාහ වී සිටියේය.
මෙම සිද්ධිය නිසා තුවාල ලැබූ කේ.සුජීවා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.
සැත්කම් කීපයකින් අනතුරුව සුජීවා මහත්මිය කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලැබුවාය.
පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් නිවසට ගොස් විවේකයෙන් ප්‍රතිකාර ලැබීමට වෛද්‍යවරු නිර්දේශ කර තිබේ.
ඇගේ වැඩිමල් දියණිය වෙන අංජලී රාජ්කුමාර් එම සිදුවීමෙන් පසු ප්‍රථම වරට කාන්තා පුවත්පතකට අදහස් දක්වා තිබේ.
ඒ වෙලාවේ අපට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. අපිට වෙන විකල්ප නෑ. අපිට හිටියේ අපි විතරයි. ඒක නිසා හිත හයිය කරගෙන හැම දේටම මුහුණ දුන්නා.
මේ සිදු වීමත් එක්ක ගොඩාක් අය අම්මටත් චෝදනා කරලා තිබුණා නේද?
ඔව් ලොකුම චෝදනාවක් වුණේ අම්මා පැවිදිවුණු කෙනෙක් අල්ලගත්තා කියන එකනේ. ඒක වැරදියි. ඔය සම්බන්ධය පටන්ගත්තේ එයා සිවුරු ඇරලා ගිහි ජීවිතේ ඉන්නකොට. ඒ දෙන්නා විවාහ වෙලා හරි සතුටින් හිටියා. මං හිතන්නේ අම්මා ජීවිතේ වැඩි පුරම සතුටින් හිටපු අවුරුදු කිහිපය ඒක වෙන්න ඇති. ඒකට හේතුව මිනිස්සු මේ වෙනකල්ම ඒ ගැන මුකුත්ම නොදැන හිටපු එක කියලයි මං හිතන්නේ.
ඒ චෝදනා කරන උදවියට ඇයගේ දියණිය විදියට කියන්න දෙයක් ඇති?
මං දන්නවා සමාජ මාධ්‍යවල පැතිරෙන බොරු ගොසිප්වලට රැවටිලයි ගොඩාක් අය අම්මට විවිධ චෝදනා කරන්නේ. ඒ අයට මං කියන්නේ අපි මෙච්චර අසරණ වෙලා ඉන්න වෙලාවක අපේ කිසිදෙයක් හරියට නොදැන හිතක් පපුවක් නෑ වගේ බොරු චෝදනා කරන්න එපා කියලා. මං අම්මා හින්දා කියනවා නෙවෙයි. එයා හරි හොඳ කෙනෙක්.
අවසාන වශයෙන් කියන්න, අමීමට ප්‍රසංග වේදිකාවට එන්න තව කොවිවර කාලයක් විතර යයිද?
ඒ ගැන කියන්න අමාරුයි. හැම දේකටම කලින් අම්මා ඇවිදින්න ඕන. ඒත් එක්ක තමයි අපිට ඒ දේවල් තීරණය කරන්න වෙන්නේ. ඉස්සරහට ඒ ගැන කියන්නම්.
2025 මැයි 10, පෙ.ව. 12:27
2025 මැයි 10, පෙ.ව. 12:12
2025 මැයි 10, පෙ.ව. 12:04
2025 මැයි 09, ප.ව. 1:19
2025 මැයි 09, ප.ව. 12:59
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25