hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 07, ප.ව. 4:29



ගාල්ල කඩවත්සතර හා තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මිමන තල්ගස්යාය ශ්‍රි අශ්වත්ථාරාමාධිපති සද්ධර්මකිර්ති ශ්‍රි මතුගම ගුණරත්න නාහිමියන් විසින් තම විහාරස්ථානයේ පිංකැටයේ තිබු මුදල් හා තම පුද්ගලික මුදල් සමග රුපියල් 25,000ක මුදලක් ඊයේ (06)  රාජ්‍ය අරමුදලට ලබා දිම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා වෙත  ලබා දී තිබෙනවා.

රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ දි අන්අයටද ආදර්ශයක් ලබා දෙමින් සුළුවෙන් හෝ මෙම මුදල රජයට පරිත්‍යාග කිරිමට තමන් කටයුතු කළ බව මතුගම ගුණරතන නාහිමියන් මෙහිදි  සදහන් කළා. 

මේ වන විට පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් බවට පත්වි ඇති බවත් රටේ ආර්ථිකය දියුණු කිරිමට කිසිවෙක් කටයුතු නොකරන බවද මතුගම ගුණරතන නාහිමියන් පවසයි. 

මෙම මුදල පරිත්‍යාග කිරිම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කරනු ලැබුවා.

(ගාල්ල -ලලිත් චාමින්ද)

.