2022 නොවැම්‍බර් 07, පෙ.ව. 5:36
තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන විසින් ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ලබා දුුන් මුදල් සම්බන්ධයෙන් වන හඬපටයක් මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා.
ගාල්ල – බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ කපුමහතා වන ගාල්ලේ රත්තරන් හෙවත් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කියා සිටියේ තිලිණි ප්‍රියමාලි ලක්ෂ 350ක චෙක්පතක් ලබාදුන්න ද එය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අදාළ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් 35,000 ක මුදලක් පමණක් බවයි.
එම මුදල දේවාලයේ කටයුතු සඳහා ලබා දුන් ආධාරයක් බවත් ඔහු කියා සිටියා.
තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා අනිත් අයගේ පිටේ ජාරාව ගන්න එපා කියාද ඔහු සඳහන් කළා.
“දෙවියෝ අල්ලන් සෙල්ලම් කරන්න එපා. මම ඔය තිලිණි නෝනට කිව්වා වැඩි කල් නොගිහින් ඔබතුමියට හිරේ යන්න වෙන එක වෙනවාමයි කියලා. බොරැල්ලේ සිරි සුමන ස්වාමින් වහන්සේටද කිව්වා අනිවාර්යයෙන් හිර ගෙදරක දුක් විදින්න තියෙනවා කියලා. මම කිව්ව විදියට පුද පුජා වතාවත් හරි විදියට කලෙත් නැහැ. බලනකොට දෙවියන් බුදුන්ටත් හරියට වැඩ කරලා නැහැ. ඒ නිසා තමයි අද ඔය දුක් විදින්නේ.” යනුවෙන් ද වැඩිදුරටත් සඳහන් කර සිටියා.
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
2026 ජනවාරි 28, පෙ.ව. 12:04
2026 ජනවාරි 27, පෙ.ව. 10:35
2026 ජනවාරි 27, පෙ.ව. 12:09
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26