hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූලි 24, පෙ.ව. 12:01



ටෙලිනාට්‍ය  ක්ෂේත්‍රය තුළ අහිංසක චරිත හරහා නිතරම ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය නමින් සුරූපී රංගන ශිල්පිනි තිසුරි යුවනිකා.

ඉතින් ඇයගේ ආදරණීය මව තමයි ප්‍රසිද්ධ කලාකාරිනි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.

පසුගිය කාල සීමාවේදී තිසුරි ගත කළේ හරිම දුක්බර කාලවකවානුවක් කිව්වොත් නිවැරදියි.

ඒකට ප්‍රධානම හේතුව ඇයගේ මාව එහෙමත් නැත්නම් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හදිස්සියෙම පියවුරු පිළිකාමය රෝගී තත්ත්වයකින්  පීඩා වින්ඳ නිසයි.

තිසුරි මේ වෙද්දි විවාහකයි.

තවමත් සතුටෙන් වගේම විනෝදයෙන් කාලය ගෙවන තිසුරිට ඇගේ ජීවිතේ වටිනාම කෙනා ඇයට මුණ ගැසුන නිසා කියලා කියන්න පුළුවන්..

ඉතින් මේ දෙන්නාගේ විවාහ සංවත්සරයත් පසුගිය දවසක යෙදිලා තිබුනා.

ඒ වෙනුවෙන් ඇය ඇගේ සමාජමාධ්‍ය පිටුවල ආදරණීය සටහනක් එකතු කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

ඒ විතරක් නෙවෙයි, මේ දෙන්නාගේ ජීවිතේට අදටත් මොන තරම් බාධක ආවත් ඒ දෙන්නා ඒ හැම අභියෝගයකටම මුහුණ දෙන්නේ ගොඩක් සතුටෙන්.

ඉතින් ඒ ආදරණීය ආදර කතාව ගැන තිසුරි මෙන්න මේ වගේ කතාවක් ඇය පුවත්පතකට කියලා තිබුණා.

තිසුරි කියන්නේ දක්ෂ සම්මානනීය නිළියක්. ඒත් ඔබ රංගනයට සමුදීලා විදෙස් ගත වුණා. පිටරට ජීවිතේ කොහොමද කියලම අපි කතාබහ ට ආරම්භය ගමු?

අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ෆ්ලයිට් එකට නගිද්දි හිතට හරි අමුතු දුකක් දැනුණා. කවුරු කොහොම කිව්වත් තමන්ගේ රට තරම් අනිත් රටවල ජීවත් වෙන එක සතුටක් නැහැ වගේ හැඟුණා. මුල් කාලේ ලේසී වුණේ නැහැ. වින්ටර් එක සමර් එකත් එක්ක මේ මොන ජීවිතයක්ද කියලා හිතුණා. මම හස්බන්ඩ් කිව්වා ඔයාගේ අධ්‍යාපන කටයුතු ඉවර වුණු ගමන්ම අපි ලංකාවට යමු මොකක්ද මේ ගෙවන ජීවිතේ කියලා. ඒ වගේම පවුලෙන්… හුරු ජීවිතෙන් ඈත් වෙලා ජීවත් වෙන්න අමාරුයි. පිටරට එන බොහෝ දෙනෙක් මේ අත්දැකීම් විඳිනවා. නමුත් දැන් අපිට හුරුයි. ලංකාවේ හිටියට වඩා නිදහසේ ඉන්නවා. කොහොම හරි අපි දෙන්නා දැන් සතුටින් ජීවත් වෙනවා.

ඒ කියන්නේ ආයේමත් ලංකාවට එන්න අදහසක් තියෙනවා..?

මම පුංචි කාලේ ඉඳලා හිතපු දෙයක් තමයි මම කවදා හරි පිටරටක ජීවත් වෙන්නේ කියලා. ඒ හීනය සෑබෑ වුණා. ඒ ගැන සතුටු යි. ඉතිං මම ආසයි ඉන්න. ඒත් හස්බන්ඩ් කැමති නැහැ. එයා කියන්නේ කවදා හරි ලංකාවට යන්න ඕන කියලා. අපි ආවේ මගේ හස්බන්ඩ්ගේ ජොබ් එක සම්බන්ධ වැඩිදුර අධ්‍යාපනයට. බලමු ඉතිං.. ඉන්න හිතුණොත් ටික කාලයක් ඉන්නවා. එහෙම හිටියොත් ඉක්මනින් මගේ අම්මා තාත්තා වගේම හස්බන්ඩ්ගේ අම්මා තාත්තා අපි ළඟට ගන්න තමයි ප්ලෑන් කරන්නේ .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: