hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 28, පෙ.ව. 12:02



බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරදවරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

ඉතින් ඇයට මේ ගමන එන්න හයියක් වුණ ආදරණීය තාත්තා පසුගියදා උතුම් පැවදි දිවියට එළබුණා.

පියාගෙන් මදක් හෝ ඈත් වීම දියණියකට ගෙනෙන දුක කවරේද යන්න ත්‍රිකලාගේ මෙම සටහන් සාක්ෂි දරනවා ඇති.

ඒ කෙසේ නමුත්, උතුම් බලාපොරොත්තු සහිතව පියාණන් ගිය ගමන අවසන ඇය සිය හිත හදාගත් අයුරුත් මෙයාකාරයෙන් වචන කර තිබුණා.

”මගේ ජීවිතේ දරාගන්නම බැරි වේදනාවක් දැනුන වෙලාවේ ඔයාලගෙන් ආපු ආදරණීය වචන මට හයියක් වුනා…‼️

ගොඩක් පින් එකවචනෙකින් හරි මටත් මගේ පියාණන්ටත් දහස් ගනණක් කමෙන්ට් හරහා ආශීර්වාද එකතු කරපු හැමෝටම

කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි අඩන්නේ සතුටු වෙන්න ඕනානේ කියලා ….‼️

මෙහෙමයි,

අපි හැමොගෙම පරණම සහ දීර්ඝතම බැදීම අම්මා තාත්තා මේ ලෝකෙට ඉපදිලා ඇස් ඇරපු මොහොතේ ඉදන් කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී අපිට අසීමාන්තිකව ආදරේ කරපු එකම කෙනා එයාලා දෙන්නා …

ඉතින් ඒ වගේ සංසාරගත බැදීමක් එක දවසින් කඩන්න ගොඩාක් අමාරුයි !!!

වැටෙන වෙලාවට වැටෙන්න ඕනේ…

බැහැයි හැමදේම ධනාත්මක පැත්ත දකින්න කාලයක් තිස්සේ හුරු වුන කෙනාට එතනින් ඉක්මනින් ගොඩට එන්න හරිම ලේසී කියලා මට තේරුම් ගියා

මම හිත හදාගත්ත විදියත් කියන්නම් ඔයාට

තාත්තා කෙනෙක්ට දරුවෙක් ගෙන් ලැබෙන්න පුලුවන් උපරිම සැනසීම තමයි, අපි අපේ හීන වලට යන එක

අන්න ඒ නිසානේ ඔහුට හිනා වෙලා දේවල් අත හරින්න පුලුවන් වුනේ

නංගියේ මල්ලියේ …. දුවේ පුතේ , ‼️‼️

දරුවෙක්ට ,දෙමාපියන්ට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග ඔයා ඔයාට ලස්සන ජීවිතයක් හදලා එයාලට පෙන්වන එක විතරමයි….

රන් මුතු මැනික් වෙන මොන තෑග්ග දුන්නත් වැඩක් නෑ ඒ මානසික සුවය එයාලට දෙන්නේ නැතිව

සතුටු කදුලු හැරුනම කවදාවත් ඒ ඇස් වලට දුකක් ගේන දෙයක් නම් කරන්න එපා

එයාලා දෙන්නාට ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන් දරුවෙක් වෙන්න…..

විශ්වාස කරන්න …………………., ,

ඒක පුදුම සැනසීමක් ”

~ත්‍රිකලා ධරණී~





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: