hit counter

2026 ඔක්‍තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 20, පෙ.ව. 10:34



මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උමංදාව ගොස් සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයන් වහන්සේ මුණ ගැසී සුහද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

අනතුරුව උන්වහන්සේ සමගින් උමංදාවේ චාරිකාවක් සඳහාද එක්ව තිබෙනවා.

අනතුරුව පාසල් ශිෂ්‍යයන් 10 දෙනෙක් සඳහා මාසිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්වය මහ බැංකු අධිපතිවරයාගේ මූලිකත්යෙන් දරුවන් වෙත ප්‍රදානය සිදු කළ බවද වාර්තා වනවා.

UMANDAWA – IMS (Integrated management system ) උමංදාව ඒකාබද්ධ කලමනාකරණ පද්ධතිය එලිදැක්වීම මහ බැංකු අධිපතිවරයා අතින් සිදුකිරීමද එහිදී කටයුතු කර තිබුණා.

එමෙන්ම උමංදාව නැරඹීමට පැමිණ අය සදහා ඇතුලුවීමේදි QR පද්ධතිය හරහා ලියාපදිංචි වීමෙන් පහසුකම් රැසක් ඔවුන්ට ද හිමිවනවා.