hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2023 ජූලි 27, ප.ව. 12:02



උපුල් ශාන්ත සන්නස්ගල කියලා කියන්නේ හැමෝම දන්නා කියන චරිතයක්.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

ඔහු කියන්න ඕනේ දේ කෙලින් කියන පුද්ගලයෙක් බවත් හැමෝම දන්නවා.

ඔහුගේ දේශපාලන මතවාදය කුමක් වුණත් ඔහු වටා යම් පිරිසක් රැඳී සිටිනවා.

උපුල් ශාන්ත සන්නස්ගල කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.

එම විද්‍යාලයේ උත්සවයකට ආරාධිතයෙක් වශයෙන් පැමිණි සන්නස්ගල හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාට ඇඹුල් ඇතිව කියපු කතාවක් ගැන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එහිදී සන්නස්ගල මහතා වේදිකාවට ගොඩ වී ආරාධිත දේශනය සිදු කරන අවස්ථාවේ දී හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා එම අවස්ථාවේ තමාගේ කතාව අවසන් කර උත්සවයෙන් පිටත්ව යාමට නැගිට තිබෙනවා.

එහිදී සන්නස්ගල මෙසේ පවසා තිබෙනවා.

“කොහෙද යන්නේ පරක්කු වෙලත් ඇවිල්ලා. වාඩි වෙනවා මනුස්සයෝ. විනයක් තියා ගන්නවා. තමුසෙට ඕනේ වෙලාවට එන්නයි, තමුසෙට ඕනේ වෙලාවට යන්නයි උත්සව තියන්නේ නැහැ. ඔයිට වඩා වැදගත් මිනිස්සු ඉන්නවා මෙතන. අර ඉන්නේ කුමාර් සංගක්කාරගේ තාත්තා. දන්නවද? අඳුරනවද? ක්‍රිකට් ගැන කතා කරන්න එනවා. මේ ඉන්නේ මහේල ජයවර්ධනගේ තාත්තා. අඳුරනවද? වාඩි වෙලා අහන් ඉන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: