hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2024 ජූලි 22, පෙ.ව. 12:02



වසන්ත යනු අනූව දශකයේ මුල් භාගයේ පටන් කොළඹ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ අයෙකි.

ඊට පසුව ඔහු කැරොකේ ශාලා විවෘත කළේය.

තවද මල් කඩ (මල් කඩ යනු නාට්‍යංගනාවන් සඳහා විශාල මිලට මල් මාලා මිලට ගෙන ගෙල පළඳන ක්‍රමයකි) විවෘත කළේය.

එපමණක් නොව වසන්ත සුප්‍රසිද්ධ සන්හීල් ව්‍යාපාරයේ ආරම්භකයා ද විය. ඔහු කාමර 20කින් යුත් හෝටලයක හිමිකරු වූයේ අවුරුදු 20ක වයසකදීය.

ඇත්තටම වසන්ත නයිට් ක්ල්බ් සහ කැරොකේ ශාලාවල මෙරට ගෝඩ් ෆාදර් විය.

ඒ නිසාම ඔහුව නම් තුනකින් හැඳින්වීය.

ඒ කැරොකේ වසන්ත, ක්ලබ් වසන්ත නොහොත් සන්හීල් වසන්ත නමිනි.

මෙකී වසන්ත මේ රටේ සුප්‍රකට සහ කුප්‍රකට දේශපාලඥ‍යන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, පොලිස් නිලධාරින් ඇතුළු පිරිස හරි හරියට ඇසුරු කළේය.

කෑවේය, බීවේය. එහෙත් කාලයක් ඒ සියල්ල රහසිගතව සිදුවිය. කෙසේ වෙතත් වසන්තගේ අඳුරුතම යුගය ආරම්භ වූයේ කොරෝනා සමයත් සමඟය. වසන්තගේ ව්‍යාපාර කරගෙන යාම ඉතාම බාධා සහිත වූයේ රටම ලොක්ඩවුන් කිරීම හේතුවෙනි.

මේ නිසා වසන්තගේ කෝටි ගණනින් බැංකුවලට දේපළ උගස් කර ලබාගත් මිල මුදල් නැවත ගෙවා ගැනීමට නොහැකිව සින්න වෙන්නට පටන්ගෙන තිබිණි.

නුවරඑළිය සහ බම්බලපිටිය සන්හීල් හෝටල් දෙකම බැංකුවට සින්න වූ බව ඔහුගේ සමීපතමයෝ සඳහන් කරති. කෙසේ වෙතත් සීදුව සන්හීල් හෝටලය විකුණා දැමූ බවද සඳහන් වේ.

එක් වතාවක් ලියුම්කරු ලංකාවේ රාත්‍රී සමාජ ශාලා සම්බන්ධයෙන් විස්තරයක් ලබා ගැනීමට වසන්තව හමුවූ විට ඔහු සඳහන් කර සිටියේ දරුවන් දැන් ලොකු නිසා නැවත සමාජ ශාලා නොකරන බවටය.

කෙසේ වෙතත් වසන්ත සම්පූර්ණයෙන් ලංකාව තුළ වූ තම ව්‍යාපාර අත්හැර දැමීය. අත්හැර දැමීමටත් වඩා සියල්ල අත්හැරෙන තැනට වැඩ සිදුවිය.

එහෙත් ඔහු තම ව්‍යාපාර ලෝකය පුරා ප්‍රචාරය කළේ ඩුබායිවලට සංක්‍රමණය වන බව කියමිනි. ඒ ආකාරයෙන් වසන්ත කාලයක් ඩුබායි රාජ්‍යයට ගොස් කාලය ගත කළේය. එහෙත් ඔහු වැඩි කල් එහි සිටියේ නැත.

නැවත ලංකාවට පැමිණි ඔහු පසුව කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයා ගොඩනැගිල්ලේ නිවෙසක ජීවත් විය. මේ සියල්ල ඔහුගේ කෝටිපති ජීවිතය පෙන්නුම් කරන අවස්ථා විය.

ඒ සියල්ල ඔහු සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: