hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 07, පෙ.ව. 12:00



මඟුල් දාට පසුදා මනාලිය වෙන පුරුෂයකු සමගත් මනාලයා වෙන තරුණියක සමගත් ගිය පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. සිදුවීම මෙසේය.

මවුපියන් නිසි වයස පැමිණි එක්තරා තරුණියකට මඟුලක් යෝජනා කර ඇති අතර තරුණිය එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් ඇති කරගෙන සිටි බැවිනි. කෙසේ වෙතත් මවුපියන් ගෙනා යෝජනාව තදින්ම ක්‍රියාත්මක කර ඇති අතර ඇයට යෝජනා කළ තරුණයා ද වෙනත් තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

කෙසේ හෝ මඟුල තීන්දු වී ජයටම සිදු කෙරී ඇති අතර ඔවුන් මධු සමය සඳහා ඈත ප්‍රදේශයකට ගොස් තිබේ. මධු සමයට ගිය අවස්ථාවේ හෝටලයේදී මනාලිය මනාලයාට නිදි පෙති මිශ්‍ර කිරි වීදුරුවක් ලබා දී ඔහුට නින්ද ගිය පසු ලිපියක් ලියා තබා තමන් යාළු වී සිටින තරුණයා සමග හෝටලයෙන් පිටව ගොස් තිබේ. උදෑසන අවදි වූ තරුණයා ඇයගේ ලිපිය දැක ඔහු යාළුවී සිටින අනෙක් තරුණියට දුරකථනයෙන් කතා කර ඇය සමග පලා ගොස් තිබේ.

පසුදා දෙවනි මගුල සඳහා මනාල යුවළ කැඳවාගෙන යාමට පැමිණි මගුල් රථය ආපසු හිස්ව පැමිණෙන අයුරු දුටු මනාල යුවළගේ මවුපියන් සිදු වී ඇති කාරණය අවබෝධ වී පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට නොහැකිව හිමිහිට මගුල සංවිධානය කර තිබූ හෝටලයෙන් මාරු වී ගොස් තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: