2024 මාර්තු 02, පෙ.ව. 12:13
            
ලොව ධනවත්ම පුද්ගලයින් සහ සුපිරි තරු සහභාගී වන ආසියාවේ ධනවත්ම මිනිසාගේ පුතාගේ පූර්ව මංගල සාදය ඊයේ සිට පැවැත්වෙනවා.
Bill Gates, Mark Zuckerberg, Rihanna, Ivanka Trump සහ Disney ප්‍රධානී Bob Iger වගේම බොලිවුඩ් හොලිවුඩ් තරු රැසක් මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ අතිවිශිෂ්ට පූර්ව විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වීමට පැමිනෙමින් සිටින බව සඳහන්..
ෆෝබ්ස් සඟරාවට අනුව 66 හැවිරිදි මුකේෂ් අම්බානි මේ වන විට ඩොලර් බිලියන 115 ක ශුද්ධ වටිනාකමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා අතර 10 වැනි ස්ථානයේ සිටී. 1966 දී ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යනු පිරිපහදු කිරීමේ සහ සිල්ලර වෙළඳාමේ සිට මූල්‍ය සේවා සහ දුරකතන සමාගම් දක්වා අංශවල ක්‍රියාත්මක වන දැවැන්ත සමූහ ව්‍යාපාරයක් මේ වනවිට ඔහු සතුයි..
ඉතින් ඔහුගේ පුත් 28 හැවිරිදි අනන්ට් අම්බානි මේ වසරේ ජූලි මාසයේදී ඔහුගේ ළමා කාලයේ සමීප යෙහෙළියක් ව සිට පසුව පෙම්වතිය වූ සාප්‍රධායික ආයුර්වේද ව්‍යාපාරික පරම්පරාවක දියණියක් වන 29 හැවිරිදි රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට දින වෙන් කර අති නමුත්, මාර්තු 1 වන දින එනම් අද දින ගුජරාටයේ ජම්නගර් හි පැවැත්වෙන මේ පූර්ව විවාහ උත්සවය තෙදිනක් පුරාවට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා..
මෙහි දින තුනට තේමා තුනක් සහිතව උත්සවය සංවිධානය වී ඇති අතර . මේ දින තුන පුරාවට අමුත්තන් මෙහි රැදී සිටීමට නියමිතයි..
මෙම උත්සවයට යන මුළු මුදල මේ වනවිට ඇස්තමේන්තු ගතකර නොමැති අතර බොහෝවිට මෙය මේ වසරේ ලෝකයේම පවත්වන ලොකුම විවාහ උත්සවය ද විය හැකියි.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25